රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර මහතාට මැර ප්‍රහාරයක් එල්ලකොට තිබේ. හෝකන්දර ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක් තුළදී වූ පහරදීම නිසා ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි. ක්‍රීඩා හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ඥාති පුත්‍රයකු ඇතුළු පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බව වාර්තා වේ.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයා පදිංචිව සිට ඇත්තේ හෝකන්දර ප්‍රදේශයේ පිහිටි 'ඊඩ්න් ග්ලර්ඩ්' නැමැති නිවාස සංකීර්ණයේය. යම් කටයුත්තක් සඳහා නිවෙසින් පිටට ගිය ඔහු නැවත නිවසට පැමිණ තිබුණේ රාත්‍රිය එළැඹි පසුවය. එම අවස්ථාවේ සිය මෝටර් රථය නිවසට ඇතුළු කිරීමට බාධා වන ලෙස වෙනත් වාහන කිහිපයක් එම ස්ථානයේ නවතා තිබී ඇත. එතැන රුඳී සිටි පිරිසට කතාකර මාර්ගය ඉඩ ලබාෙගන වෛද්‍ය සයුරු සමරසුන්දර මහතා නිවෙසට ගොස් තිබුණි. එම අවස්ථාවට පැය දෙකකට පමණ පසුව සයුරු සමරසුන්දර මහතා නැවත වතාවක් සිය නිවෙසින් එළියට පැමිණ ඇත. ඒ වනවිටත් ඔහුගේ නිවස ඉදිරිපිට වාහනයකට හෝ මිනිසුන්ට මග අහුරමින් මාර්ගය අවහිර වන සේ මෝටර් රථ නවත්වා තිබිණ. ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමට සමරසුන්දර මහතා ක්‍රියාකර තිබුණේ ඉන්පසුවය. එම කතාබහ දුරදිග ගොස් ඇතිවූ බහින්බස් වීමෙන් එතැන නවත්වා තිබූ මෝටර් රථයක රියැදුරු විසින් සයුරු සමහරසුන්දර මහතාට පහරදී තිබිණ. එකී පහරදීම සඳහා එතැන රුඳී සිටි තවත් කිහිපදෙනකුද සම්බන්ධ වී ඇත.
පහරකෑමට ලක්වූ වෛද්‍ය සයුරු සමරසුන්දර මහතා ලේ ගලන තුවාල සහිතව අසාධ්‍ය තත්ත්වයේ සිටියදී ඔහු රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණි. ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු ඒ මහතා නේවාසිකව ප්‍රතිකාර ලැබීය. වෛද්‍ය සමරසුන්දර මහතාගේ හිසට පහරදීම නිසා තුවාල සිදුව ඇත. රෝහලට රුගෙන එනවිටත් ඔහුගේ හිසෙන් අධික ලෙස ලේ වහනය වෙමින් තිබූ බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කළේය. පසුව රෝහල් පොලීසිය හරහා සහ පහරකෑම පිළිබඳ කෙරුණු පැමිණිල්ලට අදාළව මාලබේ පොලිසිය මගින් විමර්ශනයක් අරඹා තිබිණ. එහි ප්‍රතිඵලයක් වශයෙන් සැකකාර පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙම පහරදීම සඳහා ක්‍රීඩා හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ සොහොයුරකුගේ පුත්‍රයකු සම්බන්ධ වූ බවට චෝදනා නැගී ඇත. වෛද්‍ය සයුරු සමරසුන්දර මහතාගේ නිවෙස ඉදිරිපිට මාර්ගය අවහිර වන ලෙස මෝටර් රථයක් නැවැත්වීම සම්බන්ධයෙන් ඇතිවූ කතාබහ දුරදිග යාමෙන් ඇතිවූ මෙම පහරදීමට පසුව ඒ පිළිබඳ විවිධ මාධ්‍ය වාර්තා පළකෙරිණ. ඊට පිළිතුරු වශයෙන් රොෂාන් රණසිංහ අමාත්‍යවරයා වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශ මාධ්‍ය ඒකකය හරහා නිවේදනයක් නිකුත් කොට තිබුණි. ඒ අනුව දක්වා ඇත්තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර මහතාට පහරදීමට ඇමතිවරයාගේ සොහොයුරකු සම්බන්ධ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන ප්‍රවෘත්තිය අසත්‍ය බවකි. එහි වැඩිදුරටත් සඳහන් පරිදි ''රොෂාන් රණසිංහ අමාත්‍යවරයාහට සහෝදරයන් දෙදෙනකු සිටින අතර මේ වනවිට ඔවුන් දෙදෙනාගෙන් එක් සොහොයුරකු ජපානයේද අනෙක් සොහොයුරා එංගලන්තයේද සිටියි. මෙම පළවන අසත්‍ය ප්‍රචාර පිළිකුලෙන් හෙළා දකිමි.'' ලෙස දක්වා ඇත.
වැඩිදුරටත් අමාත්‍යවරයා දක්වා ඇත්තේ සයුරු සමරසුන්දර මහතා දැඩි ලෙස බීමත්ව සිට සිහිවිකල්ව නිවෙසකට බලහත්කාරයෙන් ඇතුල්වීමට යාමේදී ඇතිවූ ප්‍රශ්නයක් මත පහරදීමක් සිදුව ඇති බවය. එසේම රෝහල්ගත කරන අවස්ථාවේ ඔහු වෛද්‍යවරුන්ට හා හෙද හෙදියන්ට තර්ජනය කරමින් බැණවැදී ඇති බව දැනගන්නට ලැබුණු බවද ඇමැතිවරයා දක්වා ඇත. මේ අනුව පහරදීමට සහෝදරයන් දෙදෙනාගේ සබඳතාවක් නැති බව දක්වා ඇත.
කෙසේ වෙතත් පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. ඔවුන් දෙදෙනා අධිකරණයට යොමුකිරීමට සූදානම් වෙද්දී සැකකරුවන්ගේ පාර්ශ්වයේ පිරිස පොලීසියට පැමිණ ගැටලුව සමථයකට පත්කර ගන්නා බව ප්‍රකාශ කර ඇත. ඒ අනුව සැකකරුවන් දෙදෙනකු වෛද්‍ය සයුරු සමරසුන්දර මහතාගෙන් සමාව ඉල්ලා ඇති බවට පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.
වැඩිදුරටත් වාර්තා වූයේ මේ ගැටලුව සමථයකට පත්කර ගැනීම සඳහා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ සොහොයුරකු බව කියන ජපානයේ පදිංචි පුද්ගලයකුද මැදිහත්ව සිටි බවකි. ඔහුගේ පුත්‍රයාද පහරදීම සම්බන්ධ වී ඇති නිසා ඔහු වෛද්‍ය සයුරු සමරසුන්දර මහතා හමුවේ සමාව ලබාගැනීමට පුත්‍රයා එවන ලෙස දක්වා ඇත. මේ නිසා අදාළ පහරදීම පිළිබඳ ගැටලුව දෙපාර්ශ්වය විසින් සමථයකට පත්කර ගෙන තිබෙන නිසා උසාවි ක්‍රියාමාර්ග නොගෙන පොලිස් ඇප මත නිදහස් කිරීමට නියමිතය.
I සමන්ත විල්තෙර