නාසා ආයතනය හා සම්බන්ධ විද්වත් කණ්ඩායමක් අප රටේ විශේෂ කලාප කිහිපයක මේ දිනවල සිදුකරන පර් යේෂණයේ අවසන් ප්‍රතිපල අනුව අප රට මේ වනවිට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් මිදීමට හැකි වාසිදායී ආයෝජන අවස්ථා පවා මතුකර දීමට හැකිවනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෙත්තිකා විතානගේ පෙන්වා දෙයි.
නාසා ආයතනයේ විශේෂඥයන් පිරිසක් අඟහරු ග්‍රහයා මත ඇති පාෂාණ හා සමාන ලක්ෂණ දරනවා යැයි කියන පාෂාණ කොටස් සහිත ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක වැඩිදුර අධ්‍යයනයක් සඳහා දැන් ගවේෂණාත්මක විමර්ශනයක යෙදී සිටිති. ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයකු වන අමෙරිකා එක්සත් ජනපදයේ ලුසියානා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ග්‍රහලෝක විද්‍යා රසායනාගාරයේ මහාචාර්ය සුනීතා කරුණාතිලක ඇතුළු විවිධ රටවලින් පැමිණි පිරිසක් මේ විශේෂ ගවේෂණයට එක්ව සිටිති.
නාසා විද්‍යාඥයන් සිය ගවේෂණාත්මක ගමන දකුණු ලකේ සෙවණගල ආශ්‍රිත ගිනිගල්පැලැස්ස සහ ඉඳිකොළපැලැස්ස යන ප්‍රදේශවලින් ආරම්භ කළ අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ උස්සන්ගොඩ ප්‍රදේශයේ සංචාරයක්ද සැලසුම් කර තිබුණි. මෙම ස්ථාන තෝරාගෙන ඇත්තේ පර් යේෂණ කණ්ඩායමේ කුතුහලයට හේතු වූ සුවිශේෂී භූ විද්‍යාත්මක ලක්ෂණ වැඩිදුර ගවේෂණය සඳහාය. මෙහිදී ඔවුන් සෙවණගල ප්‍රදේශයේ ගිනිගල්පැලැස්ස ප්‍රදේශයෙන් ලබාගත් පාෂාණ සාම්පල කිහිපයක් වැඩිදුර පර් යේෂණ සඳහා නාසා වෙත රුගෙන යනු ඇත. අඟහරු ලෝකය මත ඇති අජීවි පස මත මෙන්ම ගිනිගල්පැලැස්ස ප්‍රදේශයේද ගස් බහුලව නොවැඩෙන බව පවසන පර්යේෂකයන් ගිනිගල්පැලැස්සට නුදුරින් පිහිටි ඉදිකකොළපැලැස්ස, අම්බලන්තොට, උස්සන්ගොඩ ඇතුළු තවත් මෙබඳු භූ ලක්ෂණ සහිත ස්ථාන කිහිපයකින්ද පස් සාම්පල ලබා ගැනීමට කටයුතු කර ඇත.
ශ්‍රී ලංකාවේ මෙම ප්‍රදේශ ආශ්‍රිත භූ විද්‍යාත්මක ලක්ෂණ සහ සංයුතිය අඟහරු ග්‍රහයා මත පවතින ඇතැම් පාෂාණවලට සැලකිය යුතු සමානකම් දක්වන බව මහාචාර්ය කරුණාතිලක පෙන්වා දෙයි. මෙම කුතුහලය දනවන සමානතාවය හේතුවෙන් මෙම සුවිශේෂී ලක්ෂණය පිළිබඳ ගැඹුරු අවබෝධයක් සඳහා මෙවර ගවේෂණය ආරම්භ කර ඇති අතර, එමගින් අඟහරුගේ භූ විද්‍යාත්මක ඉතිහාසය සහ පරිනාමනය පිළිබඳ අගනා අවබෝධයක් ලබාගත හැකි බවද ඔහු පෙන්වා දෙයි.
ලංකාව තුළ ඇති මේ සුවිශේෂි පාෂාණය ‘සර්පන්ටිනයින්‘ ලෙස විද්‍යාත්මකව නම්කර ඇති ගරුඬ පාෂාණ නමින් අප අසා ඇති පාෂාණයන්ය. මේ පාෂාණය සහ ඒ ආශ්‍රිත පස පිළිබඳ මූලික පර් යේෂණයක් හන්තාන මූලික අධ්‍ය්‍යන ආයතනය හා සම්බන්ධව 2010 වසරේදී මහාචාර්ය මෙත්තිකා විතානගේ සහ ඒකල පශ්චාද් උපාධි අපේක්ෂිකාවක විසින් සිදුකර ඇත. මේ හේතුවෙන් ඒ ගැන විස්තර පැවැසීමට මහාචාර්ය මෙත්තිකා අප හා එක් වූවාය.
ඇයට අනුව මෙම ‘සර්පන්ටිනයින්‘ පාෂාණය දකින්නට ඇත්තේ ලෝකයේ ස්ථාන 16-18ක් පමණ වූ ස්ථාන කිහිපයකය. ලංකාව තුළ ස්ථාන 5ක මෙය හමුවෙයි. ඒ සෙවණගල ආශ්‍රිත ගිනිගල්පැලැස්ස සහ ඉඳිකොළපැලැස්ස, අම්බලන්තොට ආශ්‍රිත උස්සන්ගොඩ, වස්ගොමුව කැළෑව තුළ ඇති යුදගනාව සහ රෑපහ ප්‍රදේශ ආශ්‍රිතවය. මෙය සර්පයෙක්ගේ පිටවැස්මේ මෙන් කොළපැහැති වෛරම් වැනි ස්වභාවයක් දරන අතර සිය පර් යේෂණ මගින් සනාථ වූයේ එහි නිකල්, ක්‍රෝමියම්, කොබොල්ට්, අයන් මෙන්ම මැංගනීස් වැනි බැර ලෝහ සංයුතියකින් යුතු බව සොයා ගැනිණි. මෙම පාෂාණ දිරායාමෙන් පසු මේ බැර ලෝහ පසට එක්වන අතර එහෙයින්ම ඒ පාෂාණ ඇති බිම අවට රතු පැහැති පසක් දක්නට ලැබෙන බව ඇය පෙන්වා දෙයි. මේ හේතුව නිසාම මෙහි සාමාන්‍ය ශාක නොවැඩෙන අතර විෂ්ණුක්‍රාන්ති වැනි පැලැටි සහ තෘණ පවුලේ ශාක දක්නට ලැබෙන බව ඇය පැහැදිලි කරයි. පසුකාලීනව 2015දී මූලික අධ්‍යයන ආයතන සමඟ කළ තවත් පර් යේෂණයකදී මෙම පසෙහි ශාක වැවීම ගැන සොයා බැලූ අතර එහිදී තමන්ගේම ක්‍රමයක් අනුව අඟුරු මේ පසට එක්කිරීමෙන් පසු ශාක වගාකළ හැකි බව සනාථ වූ බව ඈ කියයි. මේ පර් යේෂණවාර්තා අන්තර්ජාතික විද්‍යාත්මක ජ’ර්නලයන්ගේ පළ වූ පසුව අඟහරු භූ ලක්ෂණ සහ එහි පස ගැන සියුම් අධ්‍යයනයක යෙදෙන ශ්‍රී ලාංකීක විද්වතෙකු වන ලුසියානා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ග්‍රහලෝක විද්‍යා රසායනාගාරයේ මහාචාර්ය සුනීතා කරුණාතිලක මේ ප්‍රදේශ සම්බන්ධව පර් යේෂණ කිරීමට උනන්දුව පලකළ බව ඇය කියයි.
ඒ අනුව මීට පෙර 2018 අගෝස්තුවේදී නාසා විද්‍යාඥ කණ්ඩායමක් මෙහි පැමිණ තිබුණි. ඒ අඟහරු ග්‍රහයා මත ශාක වගාවන් ආරම්භ කිරීමට ඇති හැකියාව ගැන සොයා බැලීමට මහපොළොව මත සුදුසු තැනක් සොයන නාසා ව්‍යාපෘතියක අතරතුරදිය. ඒ අනුව ඔවුන්ගේ පර්යේෂණ කාර්යය වී තිබුණේ අඟහරු ග්‍රහයාගේ භූ - තත්ත්වය සහ අඟහරු පසෙහි බෝගයක් පිහිටුවීමේදී අපට මුහුණදීමට සිදුවන ප්‍රධාන ගැටලු පිළිබඳව සොයාබැලීමය. මෙහිදි නාසා කණ්ඩායම ලංකාව දකුණේ මෙම ප්‍රදේශවල ඇති අඟහරුට සමාන පාෂාණ, ඒ ආශ්‍රිත ජීවීන්ගේ ජීව විද්‍යාත්මක දත්ත සහ පසෙහි රසායනික හා භෞතික ස්වභාවය පිළිබඳව සොයා බලන ලදී. මෙවර සිදුවූයේද ඒ පර් යේෂණයේම දිගුවකි.
මෙවර ලංකාවේ විශ්ව විද්‍යාල 3ක් මේ සමග එක්ව තිබේ. කැලණිය විශ්වවිද්‍යාලය මෙම ප්‍රදේශ ආශිත ජනප්‍රවාද, ග්‍රාම නාම සම්භවය, වැනි සමාජ සහ වාග් විද්‍යාත්මක පර් යේෂණ සිදුකරන අතර ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය මේ කලාප ආශ්‍රිත පසෙහි ඇති බැර මූලද්‍රව්‍ය සාන්ද්‍රණය සහ ව්‍යාප්තිය වැනි කරුණු ගැන සොයා බලයි. පේරාදෙණිය සරසවිය ලුසියානා සරසවි පර්යේෂකයන් සමග ඔවුන් සතු ඇති නවීන ස්කෑන් උපකරණ සහ අලුත් තාක්ෂණය යොදාගනිමින් මෙම පසෙහි උපත සහ භූවිද්‍යාත්මක පරිනාමනය ගැන සියුම් ලෙස සොයා බැලීම සිදුකරයි. මහාචාර්යවරිය පෙන්වා දෙන්නේ මෙය ඉතා වැදගත් මූලික අධ්‍යයනයක් හෙවත් තවත් පර් යේෂණ රුසකට පදනම සපයන පර් යේෂණයක් බවයි.
ලුසියානා විශ්ව විද්‍යාලය අඟහරු මතට රෝවර් යානයක් යැවීමට සැලසුම් කරන අතර එහිදි අඟහරු පාෂාණ සහ පස් පරීක්ෂාවට අරමුණු කර සිටියි. මෙහිදී යානයේ ගෙන යා යුතු උපකරණ සහ ඒවා සීරුමාරු කර තැබිය යුතු පරාසයන් හඳුනාගැනීමට මේ පර් යේෂණය යොදා ගනී. මේ ප්‍රතිඵල අනුව දැනට ලක් පොළොවේදී භාවිතාවට ලක්වන ඒ බරසාර උපකරණ නැවත හුරුබුහුටි ලෙස සකසා භාවිතාවට ගනු ඇතැයි ඇය කියයි.
මේ කණ්ඩායම සමඟ එක්ව කටයුතු කිරීම මගින් අපේ විද්වතුනට සහ සිසුනට ලොව අතිශය නවීන තාක්ෂණ උපකරණ භාවිතය මෙන්ම නව දැනුම බෙදා හදා ගැනීමට අවස්ථාව උදාවන බවත්, ලුසියානා විශ්ව විද්‍යාලය පශ්චාද් උපාධි වැනි වැඩිදුර අධ්‍යයන අවස්ථා, පර් යේෂණ දායකත්වයන් මෙන්ම ශිෂ්‍යත්ව වැනි අවස්ථා උදාවන බව ඇය පෙන්වා දෙයි.
විශේෂිතම කරුණ වන්නේ මෙම අධ්‍යයනය මගින් උස්සන්ගොඩ වැනි අපේ මේ පරිසර කලාප සතු අඟහරුට සමාන භූ විශිෂ්ටතාව විද්‍යාත්මකව තහවුරු වීමත් සමඟ ඒ ආශ්‍රිතව විදෙස් සංචාරකයන් ආකර්ශණය කර ගැනීමට සමත්, අඟහරු භූ ලක්ෂණ නැරුඹුම් උද්‍යානයක් Mars Geo Park, වැනි ස්ථානයන් ඇරුඹීමෙන් අපේ ආර්ථිකයට සවියක් ලබා ගැනීමටද හැකිවීම බව ඇය පෙන්වා දෙයි. දැනටමත් යුනෙස්කෝව නව සීලන්තයේ වයිටාකි වයිට් ස්ටෝන්, බ්‍රසීලයේ Quarta Colonia බඳු විශේෂිත පරිසර උද්‍යාන කලාප ගණනාවක් නම්කර තිබේ. ඇය පෙන්වා දෙන්නේ අපේ රටේ මේ කලාප විශේෂයෙන්ම රාවණා ප්‍රවාදය හා සම්බන්ධ උස්සන්ගොඩ මෙබඳු අන්තර්ජාතික ආකර්ෂණය දිනා ගන්නා කලාපයක් බවට පත්කළ හැකි බවය.
දැන් මිනිසා දෙවැනි සඳතරණ යුගයද අරඹා අඟහරු මත ජනාවාස තැනීම ගැන අවධානය යොමුකර සිටියි. මේ ජනාවාස සඳහා සුදුසු භූ තල ප්‍රදේශ හඳුනාගැනීමත් ඒ භූමි-තලයන්හි ජීවත් වීමේදී මිනිසාට අනාගතයේ මුහුණදීමට සිදුවිය හැකි අභියෝග ගැනත් නාසා ආයතනය දීර්ඝකාලීන පරීක්ෂාවක යෙදී සිටිති. විශේෂයෙන්ම අඟහරු මත ශාක වගාව ඔවුන්ගේ දැඩි අවධානයට ලක්ව ඇති කාරණාවකි. මෙහිදී අඟහරු මතට ගොස් දැඩි පිරිවැයකි දරා කළ යුතු පරීක්ෂාවන් අඟහරුට සමාන ගති ලක්ෂණ සහිත මහ පොළොවේ පරිසර කලාප මත සිදුකිරීම වාසිදායකය. ලංකාවේ පරිසර කලාප ඒ අතරින් අද්වීතිය සමානකමක් දක්වන හොඳම තේරීමක් බවට පත්ව තිබේ.
ලංකාවේ ගරුඬ පාෂාණ සහ ඒ ආශ්‍රිත පස පිළිබඳ මේ පර් යේෂණය හා සමානවම අඟහරුගේ පස හා සමානත්වය දරන බවට සැලකෙන හවායිහි ගිනිකඳු පස භාවිතා කරමින් විද්‍යාඥයින් අඟහරු මත තත්ත්වයන් අනුකරණය කරමින් ශාක වර්ධනය සඳහා පර් යේෂණසිදුකර ඇත. මෙම අත්හදා බැලීම්වලින් පෙනී ගොස් ඇත්තේ මෙම පසෙහි ශාක සැබවින්ම වර්ධනය විය හැකි බවයි.
අඟහරු තත්ත්වයන් අනුකරණය කරමින් සිදුකළ නෙදර්ලන්ත Wageningen විශ්ව විද්‍යාලයේ පර්යේෂණයක ප්‍රතිඵලවලින් පෙනී ගොස් ඇත්තේ කිසිදු පෝෂක ද්‍රව්‍ය එකතු කිරීමකින් තොරව දින 50ක කාලයකදී ශාක ප්‍රරෝහණය වී වර්ධනය වීමට අඟහරු සහ චන්ද්‍ර පස් අනුකරණ මාධ්‍ය දෙකකදීම හැකියාව ලැබී ඇති බවයි. අඟහරුගේ regolith පාෂාණ හා සමාන පස් මත ශාක වර්ධනය සහ මල් පිපීමේ තත්ත්වය චන්ද්‍ර පාෂාණයන්හි ඒ සමාන අනුකරණවලට වඩා බෙහෙවින් යහපත් බව දැන් නවතම පර්යේෂණ මගින් සනාථ වී තිබේ. බොහෝදුරට අනාගත අඟහරු ජනාවාස මත බත සරු කරන්නට සමත් සරුපස ඇත්තේ අපේ මේ පොළොව මත විය හැකිය.
I සුගත් පී. කුලතුංග ආරච්චි