2023 ජුලි 15 වන සෙනසුරාදා

ඉගෙනීම ගැන ඉගෙන ගන්න

 2023 ජුලි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 59

අපේ රටේ බොහෝ දෙනෙක් ඉගෙනීම අතරමග නතර කරති. පුවත්පතක් හැරුණුවිට අන් දෙයක් කියවීම පවා නතර කරති. උගන්නේ විභාග ජය ගැනීමටය. සහතිකයක සාඩම්බර හිමිකරු වීමටය. ඒ සහතිකය ලබාගෙන රැකියාවක් සොයා ගැනීමටය. එතැනින් එහා දෙයක්, ඉගෙනීම සම්බන්ධයෙන්, ඔවුන් දන්නේ නැත.

බිල්ගේට්ස් සතියකට එක් පොතක් කියවීමට වග බලා ගන්නේය. වසරකට සති දෙකක කියවීමේ නිවාඩුවක් ගත කිරීමට වග බලා ගන්නේය. ලෝක ඉතිහාසයේ දක්ෂතම ආයෝජකයා හැටියට සැලකෙන වොරන් බුෆේ සිය කාලයෙන් සියයට අසූවක් ගත කරන්නේ කියවීමටය. 

ඇමෙරිකන් ජනාධිපතිවරයාව සිටි බරක් ඔබාමා තනතුරේ රැඳී සිටි කාලයේදී කියවීමට දිනකට පැයක කාලයක් වැය කළ බව වාර්තා වේ. හැම සාර්ථක මිනිසකුම ඉගෙනීම දෛනික රාජකාරියක් කර ගත්තේය. හෙට මැරෙතැයි සිතා නොඅලස්ව වැඩ කරන්න. සදාකාලිකව ජීවත් වෙන්නේ යැයි සිතා ඉගෙන ගන්න. 

කළමනාකරණ උපදේශක නිශාන්ත කමලදාසගේ බ්ලොග් පිටුවෙනි.

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02