2023 ජුලි 22 වන සෙනසුරාදා

ඕලෙවල් ෆේල් වුණත් ලක්ෂ ගණන් පඩි

 2023 ජුලි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 273

විසි දෙහැවිරිදි කවිෂ්ක ප්‍රමෝද් කොස්තා රුමේනියාවේ රුපියල් දෙලක්ෂ පනස් දහසකට අධික මාසික වැටුපක් ලබන පරිගණක දෘඩාංග තාක්ෂණික ශිල්පියෙකි. සාමාන්‍ය පෙළ අසමත් වූ ඔහු කෙටි කලකින් මෙවන් වෘත්තියකට යොමු වූයේ කෙසේද? 

ඔහු මෙසේ සාර්ථකත්වයට පත් වූයේ පාසල් 525ක අධ්‍යාපන අමාත්‍යංශය මගින් පවත්වන වෘත්තීය විෂයය ධාරාව වෙත යොමු වීමෙනි. පිළි/කොළඹ දකුණ විද්‍යා විද්‍යාලය වෙත ඇතුළත් වී තම වෘත්තීය විෂය ලෙස පරිගණක දෘඩාංග සහ ජාලකරණය පාඨමාලාව තෝරා ගත් ඔහු පසුව පාසල මගින් වෘත්තීය පුහුණු අධිකාරියට අයත් පාඨමාලා ක්‍රියාත්මක VTA - පහතගම පාසල වෙත යොමු කෙරිණි. එහිදී කවිෂ්කට NVQ 4 පාඨමාලාව සාර්ථකව නිමා කිරීමට හැකි විය. පසුව ඔහු රුමේනියාවේ පරිගණක තාක්ෂණික ශිල්පී රුකියාවකට ඉල්ලුම් කළේය. පුතා ඉගෙනුමට අසමත් යයි දුකෙන් සිටි කවිශ්කගේ පියාත්, මවත් ඔහු පිළිබඳ මේ වනවිට ඉමහත් සතුටින් සිටින්නේ පුතා විදේශගතවී ජීවිතය සාර්ථක කර ගැනීම නිසාය.

NVQ 4 සහතිකය සහිතව දේශීය හා විදේශීය රුකියා වෙත පිවිසීමට තම හැකියාවට අවස්ථාවක් ලබා දෙන වෘත්තීය විෂයය ධාරාවට ඇතුළත් වීමට ඔබටත් පුළුවන්. ඒ සඳහා ප්‍ර දේශයේ උසස් පෙළ වෘත්තිය විෂයය ධාරාව ක්‍රියාත්මක වන පාසලින් විමසා වැඩි විස්තර දැනගත හැකියි. ඔබ ප්‍රිය කරන තාක්ෂණික විෂයයෙන් ජීවිතය ගොඩයන්න අපූරු අවස්ථාවක් උදාකර ගත හැකියි. ඒ සඳහා සාමාන්‍ය පෙළ සමත්වුවත් අසමත්වුවත් ගැටලුවක් නැත. 

මේ ගැන වැඩිදුර තොරතුරු අධ්‍යාපන අමාත්‍යංශයේ සැමට අධ්‍යාපන ශාඛාවෙන් ලබාගත හැකියි. දුරකථන 0112786746
මුහුණු පොතේ සටහනකි.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02