2023 ජුලි 22 වන සෙනසුරාදා

පාස්පෝට් එක ගන්න මේවා අරගෙන එන්න

 2023 ජුලි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 138

සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන කවරේද ?

I වත්මන් ගමන් බලපත්‍රය සහ ජීව දත්ත අඩංගු පිටුවේ ඡායා පිටපතක්. (විස්තර සඳහා මෙහි පහත බලන්න)
I ඡයාරූප ශාලා ලදු පත
I ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත සහ ඡායා පිටපතක්.
I ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත්‍රයේ මුල් පිටපත සහ ඡායා පිටපතක්.
I අවශ්‍ය වන්නේ නම්, විවාහ සහතිකය සහ ඡායා පිටපතක්. (විවාහයෙන් පසු භාවිතා වන නම සනාථ කර ගැනීම සඳහා)
I වෘත්තියට අදාළ අධ්‍යාපන සහතිකය හා සේවය සනාථ කිරීමේ පිළිගතහැකි ලියවිල්ලක් සහ ඒවායේ ඡායා පිටපත්. (අධ්‍යාපන හා වෘත්තීය)

භික්ෂුන් වහන්සේලා සඳහා:

භික්ෂු සාමනේර සහතිකය හෝ උපසම්පදා සහතිකය ඡායාස්ථිති පිටපත් සමඟ ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ.

දැනටමත් ඔබ සතුව වලංගු ගමන් බලපත්‍රයක් ඇත්නම් එය ඉල්ලුම් පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතුය.

ඉල්ලුම් පත්‍රයක් ලබාගතහැක්කේ කෙසේද ?

I කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්.
I මහනුවර, මාතර, වවුනියාව හා කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාල වලින්
I ඔබ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්.
I විදේශයේ වූ ශ්‍රී ලංකා දූත මණ්ඩලයකින්

ඉල්ලුම් පත්‍රයක් භාරදිය යුත්තේ කුමන ස්ථානයකටද?

I කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට.
I මහනුවර, මාතර, වවුනියාව හා කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලවලට
I විදේශයේ වූ ශ්‍රී ලංකා දූත මණ්ඩලයට

සියලුම රටවල් සඳහා ගමන් බලපත්‍රය සකසා භාරදීමට කොපමණ කල් ගතවේද 

සාමාන්‍ය පදනම - වැඩකරන දින 30 ක්
හදිසි පදනම - එදිනම
සියලුම රටවල් සඳහා වූ ගමන් බලපත්‍ර ගාස්තුව කවරේද?
සාමාන්‍ය පදනමින්-  ශ්‍රී ලංකා රුපියල්  5,000.00
හදිසි පදනමින් - ශ්‍රී ලංකා රුපියල්  20,000.00
රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර

ගමන් බලපත්‍රයේ විශේෂයෙන් සඳහන් කළ ඇතොත් මිස, මෙම ගමන් බලපත්‍ර සියලුම රටවල් සඳහා අවුරුදු 10කට වලංගුවේ. අතිශයින් වැදගත් පුද්ගලයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකාවේ විදේශික දූත මණ්ඩලවල නියමිත තනතුරුවලට පත්කරනු ලැබූ පුද්ගලයින්‍ට මෙම ගමන් බලපත්‍රය නිකුත් කරනු ලබයි

"මේ සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින්ගේ ලේඛනය සඳහා චක්‍රලේඛය බලන්න" 

අයදුම්පත්‍රයක් ලබාගත හැක්කේ කුමන ස්ථානයකින්ද ?

I කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්.
I අයදුම්පත්‍රයේ මුද්‍රණීය පිටපතක් වෙබ් අඩවියෙන්  බාගත කර ගැනීම මඟින්.
I මහනුවර, මාතර, වවුනියාව හා කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාල වලින්

සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රයක් මගින් ඉදිරිපත් කළයුතු ලිපි ලේඛන කවරේද?

I වත්මන් ගමන් බලපත්‍රය සහ ජීව දත්ත අඩංගු පිටුවේ ඡායා පිටපතක්. (කරුණාකර විස්තර සදහා පහල බලන්න)
I ඡයාරූප ශාලා ලදුපත

ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපතක් සහ ඡායා පිටපතක්.

I ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත්‍රයේ මුල් පිටපත සහ ඡායා පිටපතක්.
I විවාහ සහතිකය සහ ඡායා පිටපතක් අවශ්‍ය පරිදි (විවාහයෙන් පසු නම සනාථ කිරීම සඳහා)

I පාර්ලිමේන්තු මන්ත්‍රීන් සඳහා  පාර්ලිමේන්තුව මඟින් නිකුත් කරන ලද ඉල්ලීමේ ලිපියක්.
I විදේශ තනතුරු සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් නිකුත් කරන ලද ඉල්ලීමේ ලිපියක්.
I අනෙකුත් පුද්ගලයන් සඳහා රේඛීය අමාත්‍යාංශය මඟින් නිකුත් කරන ලද ඉල්ලීමේ ලිපියක්.

දැනටමත් ඔබ සතුව වලංගු ගමන් බලපත්‍රයක් ඇත්නම් එය ඉල්ලුම් පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතුය

ඉල්ලුම් පත්‍රයක් භාරදිය යුත්තේ කුමන ස්ථානයකටද?
කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට.
රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක සැකසුම් ගාස්තුව කවරේද ?
සාමාන්‍ය පදනමින් - ශ්‍රී ලංකා රු. 5,000.00
හදිසි පදනමින් - ශ්‍රී ලංකා රු. 20,000.00

රාජකාරී ගමන් බලපත්‍ර

රාජකාරී ගමන් බලපත්‍ර ඉල්ලුම් කළ හැක්කේ කාටද?

පහත සඳහන් කාණ්ඩවල පුද්ගලයන් සඳහා රාජකාරී ගමන් බලපත්‍ර නිකුත් කරනු ලැබේ.
පළාත් සභා නියෝජිතවරුන්ට
නගරාධිපතිවරුන්ට
පළාත් පාලන මණ්ඩලවල සභාපතිවරුන්ට
දීප ව්‍යාප්ත සේවාවල නිලධාරීන්ට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හඳුනාගත් කාර්ය මණ්ඩලවලට (හිමිකම් ලබන නිලධාරීන්ගේ ලැයිස්තුව සඳහා අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු චක්‍රලේඛ 01 / 2016 බලන්න)
(මෙම තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ලබාගත් අතර මෙහි ඉතිරි කොටස ලබන සතියට)

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02