මොනවම හරි කරන්න ඕනෑ. ඒත් මොකක්ද කරන්නේ. මෙන්න මේ ප්‍රශ්නෙ නිසා ව්‍යාපාර පටන් ගන්න හිතන ගොඩක් දෙනා අතර මඟ නැවතිලා ඉන්නවා. ඉතින් හැම සතියකම පොඩි අදහස් දෙකක් අපි ඔයාලට දෙනවා...
බිම්මල් වගාව කියලා කියන්නේ අපි කවුරුත් දන්න හරි ප්‍රසිද්ධ ස්වයංරුකියාවක්. ඒත් ගොඩක් දෙනෙක් මේ ව්‍යාපාරය පටන් අරගෙන ටික කාලෙකින් අතහැරලා දානවා. එහෙම වුණත් ඇත්තටම මේ කාලෙ දියුණු වෙන්න හොඳම ව්‍යාපාරයක් තමයි බිම් මල් වගාව.
මේක නිශ්චිත පුහුණුවක් සහ දැනුමක් එක්ක පටන් ගන්න ඕන ව්‍යාපාරයක්. මේ වෙනකොට රජයේ සහ පෞද්ගලික ආයතන විශාල ප්‍රමාණයක් අදාළ පුහුණුව නොමිලේම ලබා දෙනවා. අන්තර්ජාලයේ හොයලා බැලුවොත් ඒ අවස්ථා ඕනෑ තරම් තියෙනවා.
අනිත් කාරණය මේ ව්‍යාපාරය පටන් ගන්නවා නම් ස්ථිර වෙළෙඳපොළක් ඔයාට තියෙන්නම ඕනෑ. ඒ නිසා ගැනුම්කරුවන් කල් ඇතිවම හොයාගෙන වැඩේ පටන් ගැනීම අතිශය වැදගත්. විශේෂයෙන්ම ඔයාට පුළුවන් නම් සංචාරක හෝටල් ඉලක්ක කර ගෙන බිම්මල් වගාව හරහා ඉහළ ආදායමක් හොයාගන්න පුළුවන්.
අනෙක් කාරණාව තමයි මේ ව්‍යාපාරයේ පියවරෙන් පියවර ඉදිරියට යාමත් මෙහි පැවැත්මට හේතු වෙනවා. ඒ කියන්නේ බිම්මල් එකතු කරන්නෙක්, බෙදාහරින්නෙක්. අපනයනය කරන්නෙක් වීම දක්වා හීන තියාගෙන වැඩේ පටන් ගන්න. එහෙම වුණොත් මේ වැඩේ ඔයා කවමදාවත් මගදී නම් අතහරින්නෙ නෑ.
කිරි ටොෆි, දෝසි හදමු
හැම සිල්ලර කඩයකටම ගියාම චූටි චූටි පෙට්ටිවල දාලා කිරි ටොෆි සහ දෝසි වර්ග තියෙනවා. කවදාවත් හිතුවද මේවා හදන්නේ කොහොමද, කවුද කියලා. ඇත්තටම මේක හොඳ ව්‍යාපාරික අවස්ථාවක්.
ලංකාවේ අතිශය බහුතරයක් කාන්තාවන් මේ රසකැවිලි හදන්න බොහොම දක්ෂයි. ඒ වුණත් ගෙදර දොරේ උත්සවයකට විතරයි මේ දේවල් හදන්නෙ. ඒ නිසා වෙළෙඳපොළේ දෛනිකව මේ රසකැවිලිවලට හොඳ ඉල්ලුමක් තියෙනවා. කහට කෝප්පයක් එහෙම බොන්න හැන්දෑවට සමහරු කිරි ටොෆියක් දෝසි කෑල්ලක් අරගෙන යනවා.
ඉතින් හැකියාවක් තියෙන නිසා මේ දෝසි, කිරි ටොෆි වගේ දේවල් ටිකක් හදලා ළඟම තියෙන සිල්ලර කඩ දෙක තුනකට දාලා බලන්න. ගෙදර හදන නිසා ඒවා රසට තියෙයි. ඒ නිසාම වතාවක් ගන්න කෙනෙක් තව වතාවක් ගන්න පෙළඹෙයි.
අනිත් කාරණාව මේක දෙවැනි තුන්වැනි අවධියේදී ටිකක් ලොකු ව්‍යාපාරයක් විදියට ගොඩනගා ගන්නත් ඔයාට පුළුවන්. ටික දවසක් කල් පවතින විදියට තියාගන්න මේ නිෂ්පාදන සිදු කරන විදිය ඉගෙන ගන්න.