ඔහු නමින් රාජා විජේරත්න. ඔහු තමා සුරෙන්කෝ නැචුරල් ප්‍රඩක්ඩ් පුද්ගලික සමාගමේ නිර්මාතෘවරයා. සුරෙන්කෝ කියන්නෙ ශාකසාර ආශ්‍රිත රූපලාවණ්‍ය නිෂ්පාදන සම්බන්ධ ප්‍රකට ආයතනයක්. මෙම සංනාමය ගොඩනගන්නේ රාජා විජේරත්න සහ ඔහුගේ බිරිඳ වන සුරංගනී විජේරත්න විසින්.
ලංකාව පුරා පවතින සංචාරක හෝටල් බහුතරයකට සබන්, බොඩි ලෝෂන්, ෂැන්පූ සපයන්නෙ සුරෙන්කෝ ව්‍යාපාර. ලංකාවේ හොටෙල් ජාලවලට අනුබද්ධ මාල දිවයින, සීෂෙල්ස් වගේ රටවල හෝටල්වලත් මේ නිෂ්පාදන භාවිතා වෙනවා. රටේ දෛනික රූපලාවන්‍ය වෙළඳපොළේ මේ සුරෙන්කෝ නිෂ්පාදනවලට හොඳ ප්‍රතිරූපයක් තිබෙනවා.
''දැනට අපි සේවකයෝ විස්සක් විතර සෘජුව වැඩ කරනවා. තවත් අසූවක් විතර වක්‍රව අපිත් එක්ක වැඩකරමින් ඉන්නවා. මේ ව්‍යාපාරය ගොඩනගන්න සෑහෙන්න සහයෝගයක් ලබාදුන්නා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන්. අපිට තාක්ෂණය ලබාදුන්නා ඉඩම් ලබා දුන්නා.''
2000 වසරේ පමණ ඖෂධීය ශාකසාර රූපලාවන්‍ය නිෂ්පාදන සිදුකිරීමේ තාක්ෂණය ලබාගැනීමට රාජා විජේරත්න මහතා සමත් වී තිබෙනවා. රාජ්‍ය තාක්ෂණික ආයතන හරහාම තමා ඔහු එම තාක්ෂණය ලබාගන්නෙ. පසුව බිරිඳ සමඟ එකතුවෙලා තමා ඔහු නිෂ්පාදනය කුඩා ප්‍රමාණයෙන් ආරම්භ කරලා තිබෙන්නේ.
''මමයි බිරිඳයි කෑගල්ලේ ඉඳලා කොළඹ එනවා. සමහරක් වෙලාවට ක්‍රීම් 12ක් විතරයි අරගෙන යන්නේ. එකකින් රැපියල් 50 ගානේ ලාබේ රැපියල් 600යි. අපිම තමයි අපේ නිෂ්පාදනය සංවර්ධනය කර ඉදිරියට ගියේ.''
එදා එලෙසින්ම ආරම්භ කළ ගමන අද දැවැන්ත ව්‍යාපාරයක්. රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ මේ නිෂ්පාදන බොහොම ජනප්‍රියයි. කෑගල්ල ගලිගමුව කර්මාන්තපුරයෙ තමයි ප්‍රධාන කර්මාන්ත ශාලාව තියෙන්නේ. මීට අමතරව මේ වෙනකොට රත්මලාන කර්මාන්තපුරෙත් බටහිර ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යාමට රාජා විජේරත්න මහතා සමත් වී සිටිනවා.
''අපි අපනයන වෙළෙඳපොළට ප්‍රවේශ වීමේ අපේක්ෂාවෙන් ඉන්නවා. ඒ සඳහා ලබාගත යුතු සහතික අපි සතුව තියෙනවා. මේ වෙනකොටත් හෝටල් ව්‍යාපාරය හරහා විදේශයන්ට ශ්‍රී නිෂ්පාදන යනවා. අපිට අපනයන වෙළෙඳපොළ ජයගන්න පුළුවන්.''
ඔහු කියා සිටින්නේ වෛද්‍ය නිර්දේශයන්ට පවා ලක්වෙනවා ඖෂධීය නිෂ්පාදන තමන් ළඟ තියෙන බවයි. කොහොම නමුත් දිගින් දිගටම නිසි මග පෙන්වීමක් යටතේ වැඩ කිරීමයි ඔහුගේ ඔබේ සාර්ථකත්වයට හේතුව. ඔහු නිරන්තරයෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා.
''තාක්ෂණය සහ දැනුම ලබාගන්න ඕනෑ තරම් අවස්ථා තියෙනවා. නමුත් මිනිස්සු ඒවට උත්සාහ කරන්නේ නෑ. අනිත් එක ගොඩක් දෙනෙක් ප්‍රාග්ධනය ගැන වද වෙනවා. මම කොළඹට එනකොට කිසිම දෙයක් තිබුණෙ නෑ. දැනුම සහ අරමුණ තමා තිබුණේ.''
රාජා විජේරත්න විශ්වාස කරන්නේ අරමුණ සහිතව වැඩකරනවා නම් මූලික ප්‍රාග්ධනය හොයාගන්න එක ප්‍රශ්නයක් නැහැ කියන කාරණාව. ඔහු තමන්ගේ කතාවෙන්ම එක ඔප්පු කරල පෙන්නලා තියෙනවා. දැනුම සහ තාක්ෂණය සමඟ යාවත්කාලීන වෙමින් ඉදිරියට ගමන් කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසනවා. අලුතින් ව්‍යාපාර ලෝකයට පැමිණෙන අයටත් ශක්තිමත් අරමුණක් සහිතව දැනුම එකතු කරගනිමින් ඉදිරියට එන්න කියලා තමා රාජා විජේරත්න සඳහන් කරන්නෙ.