ජූඩ් ප්‍රියන්තගේ ගෝලයා ඝාතනය කිරීමත් සමඟ ජූඩ්ගේ ඉවසීමේ සීමාව පැන්නේය. ජූඩ් වහාම තම ගෝලයා ඝාතනයේ වාඩුව ගැනීමට පිඹුරුපත් සැකසුවේය. ඒ අනුව තම ගෝලයා ඝාතනයට ආයුධ ලබාදුන් පස් චමින්ද කවුදැයි සොයා තම පරණ මිත්‍රයකු සොයාගෙන මිනුවන්ගොඩට පැමිණියේය. ඒ වෙනින් කවුරුත් නොව කෙහෙල්බද්දර පද්මසිරිය. පද්මසිරි හමුවී සියල්ල ජූඩ් දැනගත්තේය. පද්මසිරිද චමින්දගෙන් පරණ වාඩුව ගැනීමට හොඳම අවස්ථාව මෙය යැයි සිතුවේය.
පද්මසිරි චමින්ද සමඟ ගැටෙන්නට ප්‍රධාන හේතු දෙකක් තිබුණේය. ඒ චමින්ද මිනුවන්ගොඩ ප්‍රදේශයේ පස් කඳුවලට වගකිව් නිසාය. චමින්ද ඒකාධිකාරය ලබාගෙන සිටි නිසා පද්මසිරිට පස් කඳු කපන වැඩේ කරගෙන යාමට හැකිවුණේ නැත. අනෙක් කාරණය වුණේ පද්මසිරිට සහ ඔහුගේ පියාවු නෙවිල් ඝාතනයට චමින්ද, පස් පොඩ්ඩා ඇතුළු පිරිස පිඹුරුපත් ඇන්ද නිසාය. මේ බව පද්මසිරිට දැනගන්නට හැකිවුණේ පොලීසිය හරහාය. පද්මෙත්, නෙවිලුත් සංගීත සංදර්ශනයක් තුළදී වෙඩිතබා ඝාතනය කිරීමට ඒ පිරිස සූදානම් වී සිටියේය. මේ සියල්ල නිසාම පද්මේ ජූඩ්ගේ වැඩේ කරට ගත්තේය.
ඒ අනුව චමින්ද ඝාතනය සඳහා අවශ්‍ය ආයුධත්, යතුරු පැදිත් පද්මේ විසින් ජූඩ්ලාට ලබාදුන්නේය. වැඩේට පිටත් වුණේ ජූඩ් සහ චූලේය. ඒ අනුව පද්මසිරිගේ උදව් උපකාර මැද ජූඩ් සහ චූලේ, චමින්දව වෙඩි තබා ඝාතනය කළහ.
සැබවින්ම මෙය ගණේමුල්ල සංජීවට එල්ල කළ මරු පහරක් සේ විය. සංජීවගේ කප්පම් පාතාලයේ පුරුකක් වූ චමින්ද මෙලෙස ඝාතනය කිරීම පාතාලය දෙදරා යාමක් සේ විය. සංජීවගේ දකුණු අත කඩා දැම්මා හා සමාන විය. මේ ඝාතනයට පද්මසිරි සෘජුව සම්බන්ධ බව සංජීව දැන සිටියේය නැත.
කෙසේ වෙතත් පද්මසිරි මෙම ඝාතනය සඳහා අවශ්‍ය යතුරුපැදිය ලබාගෙන තිබුණේ මිතුරෙක් හරහාය. ඝාතනය වූ සැණින් පද්මේ යතුරුපැදියේ අලවා තිබූ ස්ටිකර් රුප් සියල්ල ඉවත්කර තම මිතුරාට ලබා දුන්නේය. මෙලෙස ස්ටිකර් ඉවත් කර ඇත්තේ ඇයිද යන්න මිත්‍රයාට සැකයක් ආ නිසා ඔහු හැකි ඉක්මනින් යතුරුපැදිය තවත් අයකුට විකුණා දැම්මේය. එය මිලදී ගත් අයට දැනගන්නට ලැබුණේ මෙම යතුරුපැදිය ඝාතනයක් සඳහා යොදාගෙන ඇති බවයි. මේ නිසා එම පුද්ගලයා මේ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කළේය. වහාම ක්‍රියාත්මක වුණු පොලීසිය යතුරුපැදියත්, ඝාතනයට ගිය ජූඩ් සහ චූලේ අත්අඩංගුවට ගත්තේය.
එලෙස අත් අඩංගුවට ගත් සැනින් මේ සම්බන්ධයෙන් තොරතුර බන්ධනාගාරයේ සිටි ගණේමුල්ලේ සංජීවට දැනගන්නට හැකිවිය. සංජීවගේ ඉහමොළ රත් වී ගියේය. තමන්ට එල්ල කළ මරු පහරක් සේ සලකා වහාම සංජීව තම මෙහෙයුම පටන් ගත්තේය. ඒ ජූඩ්, චූලේ සහ පද්මෙට ගේමක් දෙන්නටය. ඒ අනුව සංජීවගේ පළමු ඉලක්කය වුණේ පද්මේ සහ ඔහුගේ පියා එකවර ඝාතනය කිරීමටය. තමන්ගේ ප්‍රහාරාත්මක පිරිසට සංජීව කොන්ත්‍රාත්තුව ලබා දුන්නේය.
(නෙවිල් සිය නිවසේදී වෙඩිතබා ඝාතනය කරයි. - ලබන සතියට)