2023 අගෝස්තු 12 වන සෙනසුරාදා

ඔබත් රට රස්සාවකට යන්නද ඉන්නේ...?

 2023 අගෝස්තු 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 38

ඔබ දේශීය ඒජන්තවරයෙකු මාර්ගයෙන් රැකියාවක් සොයාගෙන තිබේ නම් පහත සඳහන් දේ ගැන හොඳින් අවධානයෙන් සිටිය යුතුය.

I  ඔබේ ඒජන්තවරයා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී බලපත්‍රයක් ලබාගෙන ඇත්ද?
I  එම බලපත්‍රය වලංගු එකක්ද?
I ඒජන්තවරයා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිසි අනුමැතිය ලබාගෙන ඇත්ද?
I  ප්‍රථම අනුමැතිය බඳවා ගැනීමේ කාලය දක්වා වලංගු වේද?

ඔබේ ඒජන්තවරයා ඉහත කොන්දේසි සපුරා ඇත්නම්, ඔබ‍ගේ විදේශ ගමන් බලපත්‍රය සහ අවශ්‍ය ලියකියවිලි සියල්ල භාරදිය හැකිය. ඔබ‍ගේ විදේශ ගමන් බලපත්‍රය ලියාපදිංචි කරන දිනයේ සිට වසර 2ක කාලයක් සඳහා වලංගු විය යුතුය. ඉන්පසු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලියාපදිංචි ගාස්තු ගෙවිය යුතු වන අතර මෙයට ඒජන්ත පරිපාලනමය ගාස්තු ඇතුළත් නොවේ.

ඔබ ගමන් කරන්නේ මැද පෙරදිග රටකට නම්,

I  ඔබ ගෙවිය යුත්තේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිර්දේශිත ලියාපදිංචි ගාස්තු පමණි.
I  ඔබට අවශ්‍ය නම් පුහුණුවීමටද  සිදුවනු ඇත.
I  රැකියා ගිවිසුමක් සම්පූර්ණ කර එහි පිටපතක් ළඟ තබාගත යුතුය.
I  ඔබ වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දී වෛද්‍ය වාර්තාවක් ලබාගත යුතුය.

ඔබේ ඒජන්තවරයා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිසි අනුමැතියන් ලබාගෙන පහත ලියකියවිලි ඔබට භාරදිය යුතුය.

I ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල මුද්‍රාව සහිතව ඔබ‍ගේ විදේශ ගමන් බලපත්‍රය
I වලංගු වීසා බලපත්‍රය
I ගුවන් ටිකට් පත
I රැකියා ගිවිසුම
I බැංකු තුණ්ඩුවේ ගනුදෙනුකරුගේ පිටපත
I රක්ෂණ සහතිකය

මිත්‍රයෙකු මාර්ගයෙන් විදේශ රැකියාවක් සොයාගැනීම

I ඔබ මිත්‍රයෙකු හෝ නෑදෑයකු මාර්ගයෙන් විදේශ රැකියාවක් සොයාගෙන තිබේ නම්,
I  ළඟම පිහිටි පුහුණු මධ්‍යස්ථානයට ගොස් ඔබට අවශ්‍ය පුහුණුව සහ පුහුණු සහතිකය ලබාගත හැක
I  ඉන්පසුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයට හෝ ළඟම පිහිටි පුහුණු මධ්‍යස්ථානයට ගොස් පහත සඳහන් ලියකියවිලි භාරදී ලියාපදිංචි වන්න.

විදේශ ගමන් බලපත්‍රය

පුහුණු සහතිකය
වලංගු වීසා බලපත්‍රය
රැකියා ගිවිසුම

I  ඉහත සඳහන් ලියකියවිලි සියල්ල නිවැරදි නම්, අදාළ නිලධාරියා ඔබට ආකෘති පත්‍රයක් සහ ලියාපදිංචි ගාස්තුව ගෙවීමට අවශ්‍ය වන බැංකු පත්‍රයක් ලබාදෙනු ඇත.
I  ඉන්පසු, ඔබට එම නිලධාරියා විසින් පවසන ලද ලියාපදිංචි ගාස්තුව ගෙවීමට සිදුවේ.
I  ඉන්පසු, පහත සඳහන් ලියකියවිලි සියල්ල ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට භාරදිය යුතුය.

පිටසන් කරන ලද බැංකු විස්තර
සම්පුර්ණ කරන ලද ප්‍රකාශන ලියකියවිලි
විදේශ ගමන් බලපත්‍රය
රැකියා ගිවිසුම

පහත සඳහන් ලියකියවිලිවල පිටපත්

I විදේශ ගමන් බලපත්‍රයේ ප්‍රධාන පිටුව
I කලින් විදේශ ගතවූ බව සනාථ කිරීමට එම විස්තර සහිත විදේශ ගමන් බලපත්‍රයේ පිටු (පුහුණු කාලයෙන් නිදහස් වීමට නම්)
I වලංගු වීසා බලපත්‍රය, රැකියා කිරීමට අනුමැතිය, විරැද්ධතාවයක් නොමැති බවට සහතික
I රැකියා ගිවිසුම හෝ ඉල්ලා ඇති වෙනත් ඕනෑම ලියකියවිල්ලක් 

ඉහත සඳහන් ලියකියවිලි සියල්ල නිවැරදි නම්, අදාළ නිලධාරියා ඔබගේ විදේශ ගමන් බලපත්‍රයේ ලියාපදිංචි මුද්‍රාවක් තබා ඔබට අවශ්‍ය අනුමැතිය ලබාදෙනු ඇත.