2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

ඔබේ රැකියා ඇණවුමට අනුමැතිය ලබාගමු!

 2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 74

බලපත්‍රලාභී විදේශ රැකියා ඒජන්තවර‍යකු වන ඔබට විදේශයක සිටින ඒජන්තවරයකු හෝ අනුග්‍රාහකයකුගෙන් රැකියා ඇණවුමක් ලැබී ඇත්නම්, ප්‍රථම අනුමැති අංශයෙන් නියමිත අනුමැති සියල්ල ලබාගත යුතුය. ඉන්පසු:

I රැකියා ඇබෑර්තුව පිළිබඳව දැන්වීම් පළකර ඒ පිළිබඳ මහජන අවධානය යොමුකර ගත හැක.
I විදේශ රැකියාවලට පුද්ගලයින් බඳවාගැනීම
I ඉහත සඳහන් දේවලට අදාල වන අනිකුත් දෑ

ප්‍රථම අනුමැතිය ලබාගැනීම

ප්‍රථම අනුමැතිය ලබාගැනීම මඟින්, ඔබට විදේශ රැකියාවන් සඳහා පුද්ගලයන් බඳවා ගැනීමට හැකිවනු ඇත. මෙම අනුමැතිය ලබාගැනීම සඳහා පහත සඳහන් ලියකියවිලි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත භාරදිය යුතුය.

I ප්‍රථම අනුමැතිය ලබාගැනීම සඳහා ඉල්ලුම් කරන නිල ලිපියක්
I රැකියා ඇණවුම
I බඳවා ගැනීමේ ගිවිසුම
I ඇටෝනි බලය
I සම්පූර්ණ කරන ලද 'F' ආකෘති පත්‍රය
I අවශ්‍ය වන වෙනත් තොරතුරු

රැකියා ඇබෑර්තුව පිළිබඳව ජනමාධ්‍ය තුළ ප්‍රචාරණය කිරීම

ප්‍රථම අනුමැතිය ලබාගැනීමෙන් පසු ඔබගේ රැකියා ඇබෑර්තුව පිළිබඳව ජනමාධ්‍ය තුළ ප්‍රචාරණය කිරීමට පෙර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පහත සඳහන් ලියකියවිලි භාරදිය යුතුය.

I රැකියා ඇබෑර්තුව ජනමාධ්‍ය තුළ ප්‍රචාරණය කිරීම අනුමැතිය ලබාගැනීම සඳහා ඉල්ලුම් කරන නිල ලිපියක්
I රැකියා ඇණවුම
I දැන්වීමේ පිටපතක්

ප්‍රථම අනුමැතිය අලුත්කර ගැනීම

ඔබ ලබාගත් ප්‍රථම අනුමැතිය වලංගු වන්නේ අවුරුද්දක කාලයක් සඳහා පමණි. ප්‍රථම අනුමැතිය අලුත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පහත සඳහන් ලියකියවිලි භාරදිය යුතුය.

I ප්‍රථම අනුමැතිය අලුත් කර ගැනීම සඳහා ඉල්ලුම් කරන නිල ලිපියක්
I කල් ඉකුත් වු ප්‍රථම අනුමැතියේ පිටපතක්
I සම්පූර්ණ කරන ලද 'FI' ආකෘති පත්‍රය

ඔබ මෙයද මතක තබාගත යුතුය;

I සියලු ක්‍රියා පටිපාටියන් සම්පුර්ණ කළ යුතුය.
I විදේශ ඒජන්තවරයාගේ ලිපි ශීර්ෂයන් ඔබ ළඟ තබාගත යුතුය.
I අදාළ තානාපති කාර්යාලවලින් අවශ්‍ය වන සහතික කිරීම් ලබාගත යුතුය.

ලියාපදිංචි වීම සඳහා ගෙවීම

1994 ඔක්තෝබර් මස 14 වැනි දින පළවුනු ගැසට් පත්‍රයට අනුව විදේශ රැකියාවකට පිටරට යන සෑම පුද්ගලයකුම ලියාපදිංචි වීම සඳහා අනිවාර්ය ගෙවීමක් සිදුකළ යුතුය.

ලියාපදිංචි ගාස්තු
මූලිකව ලියාපදිංචිය - රු.18200+ 15' VAT+ 2' NBT
නැවත ලියාපදිංචිය  - රු.3800+ 15' VAT+