2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

Two අයිඩියාස්

 2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 61

මොනවම හරි කරන්න ඕනෑ. ඒත් මොකක්ද කරන්නේ. මෙන්න මේ ප්‍රශ්නෙ නිසා ව්‍යාපාර පටන් ගන්න හිතන ගොඩක් දෙනා අතරමඟ නැවතිලා ඉන්නවා. ඉතින් හැම සතියකම පොඩි අදහස් දෙකක්  අපි ඔයාලට  දෙනවා...

වැස්සට රේන්කෝට් කුඩ විකුණමු

පුංචි පුංචි ව්‍යාපාරය කරන ඕනෑම කෙනෙක්ට පුළුවන් වෙන්න ඕනෑ අවස්ථානුකූලව ලාබ උපයන්න. ඉතින් ඔන්න මේ දවස්වල වැස්ස. වැස්සට මොන වගේ දේවල්ද මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.

කොළඹ කොටුවෙන් වගේම ලොකු ලොකු ආයතනවලින් තොග සහ සිල්ලරට කුඩ රේන් කෝට් වගේ වර්ෂා කාලයට අවශ්‍ය වන දේවල් මිලදී ගන්න ඔබට පුළුවන්. රේන් කෝට් එහෙම ගෙදර මහන්නත් බැරි නෑ. පොඩි ලාභයක් තියාගෙන මේ දවස්වල මේ දේවල් ඔන්ලයින් වෙළඳපොළේ අලෙවි කරන්න උත්සාහ කරන්න.

ඇත්තටම ලංකාවේ ඔන්ලයින් මාර්කට් එකේ මේ ව්‍යාපාර අවස්ථාව තාමත් ඉතිරිවෙලා තියෙනවා. කොහොම නමුත් ලොකු තොග අරගෙන අමාරුවේ වැටෙන්න නම් එපා. තමන්ගේ ගැනුම්කරුවා හා එකඟතාවයෙන් වැඩ කරන්න.

පාසල් උපකරණ විකුණමු

මේ වර්ෂය අවසාන කාලය. නොවැම්බර්, දෙසැම්බර් වෙනකොට පාසල් උපකරණවලට හොඳ ඉල්ලුමක් නිර්මාණය වෙනවා. ඔන්න දැන්ම තියා සැලසුම් කරනවා නම් යම් ලාභයක් උපයාගන්න පුළුවන් ව්‍යාපාරයක් තමයි මේක.

මේ දවස්වල පාසල් උපකරණවලට අධික මිලක් වියදම් කරන්න දෙමව්පියන්ට සිද්ධ වෙනවා. ලාබෙටම තොග වශයෙන් මේ දේවල් මිලදී ගන්න පුළුවන් තැනක් හොයාගන්න. දැන්ම උත්සාහ කළොත් පුළුවන්. ඒ වගේම ඒ අයත් එක්ක යම් එකඟතාවයක් නිර්මාණය කරගන්නත් බැරිකමක් නෑ.

කොහොම වුණත් හොඳ අවබෝධයෙන් තමයි මේ දේවල් කරන්න ඕනෑ. තමන්ගෙ පරිමාව ඉක්මවා ගිහිල්ලා මේ ව්‍යාපාරය කරන්න උත්සාහ කරපු සමහරු අමාරුවේ වැටිලා තියෙනවා කියලත් අමතක කරන්න එපා.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02