ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක සහ චිකිත්සක - වෛද්‍ය චාමින්ද විජේගුණවර්ධන
මොළය යම්කිසි දෙයක් පටන්ගත් විට වැඩ ආරම්භ කරන ක්‍රියාව තුළින් සතුටත්, විනෝදයත් ඇති වන්නේ නම් මොළය ඒ ප්‍රබෝධකාරී කලාපය තුළ සිතට එන ආතතිය ස්ථාවර කර ගන්නවා. ඔබේ දරුවා පාඩම් කරන්න ගියවිට පොත අතට ගත්විට සතුටෙන් විනෝදයෙන් නොවෙයි ඉන්නේ. ළමයෙක් පාඩම් කරන විට සතුට, විනෝදය ආවේ නැත්නම් මොකද කරන්නේ. ඒ වගේම ඔබ චිත්‍රපටයක් බලන්න ටී.වී. එක ළඟට යනවා. ආස නැති චිත්‍රපටයක් පෙන්වන්නේ. ඔබට පුළුවන් රූපවාහිනිය වසා දමන්න.
නමුත් ළමයකුට පුළුවන්ද ඔබ චිත්‍රපටය වහලා දැම්මා වගේ පාඩම් කිරීම නවත්වන්න. සමාජය ඒකට ඉඩ දෙන්නේ නෑ. එහෙනම් පාඩම් කරන හැම දරුවෙකුටම ඇතිවෙනවා ගැටලුවක්. ඒ සතුටක් ප්‍රබෝධයක් විනෝදයක් නොලැබුණත් ඉගෙනුම් ක්‍රියාවලියෙන් ඉවත්වීමට නොහැකි වීම. පාඩම් අතහරින්න බෑ. පාඩම් වැඩ දිගටම කරගෙන යන්න වෙනවා.
මෙන්න මේ අවස්ථාවේ අකමැත්තෙන් තමයි ඒක කරන්න වෙන්නේ. එවිට සිදුවන්නේ මොළයේ පීඩනය ක්‍රමානුකූලව වැඩිවීමයි. අපි බලමු මෙතනදී මොකද වෙන්නෙ කියලා. අපි පාඩම් කිරීමට යොමුවන ළමයෙක් දිහා සුබවාදීව බලමු. පාඩම් කිරීම ආරම්භ කළවිට ඉන් ඔහුට සතුට විනෝදය සහ ආස්වාදයක් ඇතිවෙනවා. එවිට හටගන්නා මානසික ආතතිය, ප්‍රබෝධකාරී ආතතිය තුළ ස්ථාවර වෙනවා. එවිට දරුවාගේ ඉගෙනුම් ක්‍රියාවලිය දිගින් දිගටම සිදුවෙනවා. නමුත් මේක නොවෙයි සිදුවන්නේ. ඒකෙ අනික් පැත්ත. දරුවා යනවා යූ ටියුබ් එකට. ඒකෙ උඩ පහළට යමින් වීඩියෝ නරඹනවා. එවිට මනසට සතුටක් ආස්වාදයක් ලැබෙනවා. එවිට මානසික ආතතිය ප්‍රබෝධකාරී කලාපය තුළ ස්ථාවර වෙනවා. එවිට ළමයා යූ ටියුබ් එකට දිගින් දිගටම යොමුවෙනවා. මොළය ප්‍රබෝධකාරී බවට පත්වෙනවා.
අද දරුවන්ට තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි පාඩම් කරන දේ හිතේ රඳවාගන්න බෑ. ඒක ගන්න බැරි වුණාට ඔහුට සිදුවෙනවා ඒක එක දිගටම කරන්න. අකමැති දේ කරන විට මොකද වෙන්නේ. අකමැති ක්‍රියාවලියක දිගින් දිගටම නිරතවීමට සිදුවූ විට මොළය හිතකර මානසික ආතති මට්ටම් කලාපය තුළ දිගටම රඳා පවතින්නේ නැහැ. බොහෝවිට සායනික ආතති කලාපයට ළඟා වෙනවා. ඒ කියන්නේ පීඩාකාරී තත්ත්වයක් ඇතිවෙනවා.
ඔබේ දරුවන්ට ඥාණය අවශ්‍යයි. ඔවුන් ඉගෙනගත යුතුයි. පාඩම් කරන එකෙන්, ඉගෙනුම් ක්‍රියාවලියෙන් සතුට විනෝදය ලබාගන්නා තැනට ඔවුන් යොමු කළයුතු වෙනවා. දැන් අපට පාඩම් කරන එකෙන් ජොලියක් විනෝදයක් නෑ. දැන් මොකද කරන්න ඕනෑ. සතුට නොලැබෙන්නේ යැයි කියලා අතහරින්න බැරි දේවල් අපට තිබෙනවා. දැන් බලන්න විවාහය. බැඳල මුල් අවුරුදු දෙක තුනේ හරිම විනෝදයි. ඉන්පසුව ඒ තත්ත්වය වෙනස් වෙනවා. රුකියාව ගත්තොත් මුල් කාලයේ සතුටින් රුකියාවට යනවා. ටික කාලයක් යනවිට සමහරුන්ට රුකියාව එපා වෙනවා. රස්සාව කරන්න හිතෙන්නෙ නෑ. නමුත් රුකියාව දාලා යන්න බෑ. රුකියා කරන අය පවා අකමැත්තෙන් රුකියාව කිරීම ඕනෑතරම් සිදුවන දෙයක්. ඒවගේ තමයි අධ්‍යාපනයත්. ඉගෙනීමේදී හැම පාඩමකින්ම සතුට විනෝදය නොලැබෙන්න පුළුවන්.
අකමැත්තෙන් යමක් කරන විට මොළය කොහොමද ක්‍රියාත්මක වන්නේ. මොළය පීඩාවට පත්වෙනවා. ඍණාත්මක සිතුවිලි සක්‍රිය වීමෙන් මේවා කොහොමද මතක තියාගන්නේ. මට නම් එපාවෙලා තියෙන්නේ වගේ අදහස් මතුවෙනවා. මොළේ ඍණාත්මක සිතුවිලි දිගින් දිගටම මතුවෙන කොට ඍණාත්මක හැඟීම් එනවා. එපාවීම, කලකිරීම, තරහ යාම, කම්මැලිකම, නිදිමත වගේ දේවල් ඇතිවෙනවා. අපිව මුස්පේන්තු වෙලා යනවා.
මොළය සායනික ආතතියට ලක්වන විට ඉගෙනුම් ක්‍රියාවලියට වැදගත් වන මානසික ක්‍රියා යටපත් වී සායනික ලක්ෂණ මතුවෙනවා. මේ ලක්ෂණ නිසා සිසුන්ට ඇතිවන්නේ දැඩි පීඩාවකි. මොළයට හානිවෙන්නත් පුළුවන්. මොළයේ රසායනික වෙනස්කම් ඇතිවනවා වගේම ස්නායු පරිපථ බිඳ වැටෙන්න පුළුවන්. සදාකල් මානසික රෝගියෙක් වීමටත් ඉඩ තිබෙනවා. මොළය දිගටම පීඩාකාරීව ඉන්න කැමති නෑ. මොළයත් උත්සාහ කරනවා ඒ තත්ත්වයෙන් ගැලවීමට.
මේ නිසා දරුවන් හොඳ සිහියෙන් සිටිය යුතුයි. තමන්ට ලකුණු අඩුවන්නේ ඇයි? වගේ දේවල් විමසා බැලිය යුතුය. අපි තුළ ආත්ම පාලන හැකියාව (Self Regulation) පුහුණු කර තමන් විසින්ම තමන්ව පාලනය කළ යුතුයි. නිදාගන්න හිතෙන විටම, යූ ටියුබ් යන්න හිතෙන විටම ''නෑ මම ඒවා කරන්නෙ නෑ. මම පාඩම් කරනවා.'' කියලා දැඩිව සිතාගන්න. මොළය අපි කඩේ යවනවා. නමුත් මොළේට කැමති විදිහට කඩේ ගියොත් අපි ඉඳලා ඉවරයි. අපි මොළය පාලනය කරගන්න සිතා ගනිමු. ඒ සඳහා අභ්‍යන්තර අභිප්‍රේරණයක් පෙළඹවීමක් ඇතිකර ගත යුතු වෙනවා. තමන් කරන්න යන කාරණාවෙන් තමන්ට විඳීමක් ආස්වාදයක් ඇති වෙනවා නම් මොළය ඊට ඇබ්බැහි වෙනවා. ඊට අභ්‍යන්තර අභිප්‍රේරණයක් ඇතිකර ගත යුතුය.
I යූ ටියුබ් ඇසුරිනි