නීත්‍යානුකූල බැංකු ක්‍රමය හරහා රටට මුදල් එවීම තුළින් මේ වසරේ මුල් මාස නමයේදී ලැබී තිබෙන ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 4345ක් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ ආකාරයට නීත්‍යානුකූල ක්‍රමය ඔස්සේ මෙරටට මුදල් එවූ ශ්‍රී ලාංකිකයන් සඳහා ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර 318ක් නිකුත් කර ඇති අතර ඒ වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 38ක මුදලක් මෙරටට ලැබී තිබේ.
මෙසේ නිකුත් කරනු ලබන වාහන ආනයන බලපත්‍රය තීරු බදු රහිත බලපත්‍රයක් නොවන අතර එය රටේ විදේශ විනිමය අවශ්‍යතාවයක් පවතින අවස්ථාවකදී විදේශ විනිමය රට තුළට ගෙන්වා ගැනීම දිරිමත් කිරීම වෙනුවෙන් කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණයකි. මෙම වාහන ආනයනය කරනු ලබන සියලු දෙනාටම රේගු දෙපාර්තමේන්තුව විසින් අය කරනු ලබන සම්පූර්ණ තීරු බදු ඇතුළු අනෙකුත් බදු මුදල් ගෙවීමට සිදුවන අතර එය රාජ්‍ය ආදයමට එක්වේ.
විදේශ විනිමය නීත්‍යානුකූල ක්‍රමය ඔස්සේ මෙරටට එවනු ලබන ශ්‍රමිකයන් සඳහා ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය ආරම්භ කරන අවස්ථාවේදී වාහන ආනයනකරුවන්ගේ සංගමය ඇතුළු වාහන ආනයන ව්‍යාපාරයට සම්බන්ධ ආයතන හා සංගම් කැඳවා වැඩසටහන සමඟ එක්වන ලෙසට ආරාධනා කිරීමටද අමාත්‍යවරයා කටයුතු කරනු ලැබීය.
වාහන ආනයනකරුවන් අතර ඇතිවී තිබෙන ව්‍යාපාරික ගැටලුවලට සහ ව්‍යාපාරික අවශ්‍යතා මත පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තුවේ කමිටු මැදිහත්වීම කනගාටුවට පත්විය යුතු තත්ත්වයක් වන අතර එවැනි ව්‍යාපාරික ගැටලු සඳහා පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තුවේ කමිටු යොදාගැනීම තරයේ හෙළා දකිමු.
නිවැරදි කරුණු සොයා බැලීමකින් තොරව හුදු මාධ්‍ය අවධානය දිනාගැනීම සඳහා සත්‍ය නොවන තොරතුරු ඉදිරිපත් කිරීම ආර්ථික වශයෙන් වැටී තිබෙන රට ඉදිරියට ගෙන යාම සඳහා ගනු ලබන පියවරයන්ට ඍණාත්මකව බලපාන බවද, පටු අරමුණු වෙනුවෙන් අදහස් දක්වන පිරිස් අවබෝධ කරගත යුතුව තිබේ.
රටට අවශ්‍ය විදේශ විනිමය ලබාගැනීමේ අරමුණින් ගෙන ඇති මෙම පියවර සම්පූර්ණ විනිවිධභාවයකින් යුතුව ක්‍රියාත්මක කර ඇති අතර කිසියම් වංචාවක් සිදුව ඇතිනම් පූර්ණ විමර්ශනයක් පැවැත්වීම සඳහා අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය ලබා දෙනු ලබයි.
විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට එවනු ලබන මුදල් ප්‍රමාණය ඉහළ දමාගැනීම සඳහා ගත හැකි සියලුම පියවර ගන්නා බවත්, පටු දේශපාලන අරමුණුවලට එම පියවර ආපසු හැරවිය නොහැකි බවත් තරයේ අවධාරණය කර සිටිමු.