2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන රාත්‍රිය 12 වැනිදා

 2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 20

24 වැනි වාර්ෂික ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන රාත්‍රිය දෙසැම්බර් 12 වැනිදා අඟහරුවාදා ගල්කිස්ස හෝටලයේ එම්පයර් බෝල් රූම් ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සමඟ ඒකාබද්ධව, ශ්‍රී ලංකා කර්තෘ සංසදය මෙම සම්මාන රාත්‍රිය සංවිධානය කරයි.

මෙම වාර්ෂික සම්මාන රාත්‍රිය ජනමාධ්‍යයේ වෘත්තීය ප්‍රවීණත්වය හඳුනා ගැනීම සහ එහි විශිෂ්ටත්වයට පත් වූවන්ට සම්මාන පිරිනැමීම අරමුණු කරගෙන පැවැත්වෙයි. මෙම වසරේදී ජනමාධ්‍යවේදීන් තිස් හය දෙනෙක් සම්මාන ලබන අතර තවත් 16 දෙනෙක් කුසලතා සහතික ලබති. ඒ සමඟ සිය වෘත්තීය ජීවිතය තුළ දීර්ඝ සේවා වෙනුවෙන් පිරිනමන සම්මාන, එච්.එල්.ඩී. මහින්දපාල, සීතා රංජනී, එස්. තිලෙයිනාදන් සහ ඒ.එල්.එම්. නලීම් යන මහත්ම මහත්මීන් වෙත පිරිනැමෙනු ඇත.

වසරේ තරුණ ජනමාධ්‍යවේදියා සම්මානය ලබන්නාට ලක්ෂ්මන් කදිරගාමර් පදනම විසින් පිරිනැමෙන ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ ශිෂ්‍යත්වය හිමිවේ. ඒ අනුව ඉන්දියාවේ කේරළයේ මනෝරාමා සමූහය විසින් පාලනය කරනු ලබන ප්‍රමුඛ පෙළේ ජනමාධ්‍ය විද්‍යායතනයක් වූ MASCON හි උසස් මට්ටමේ පුහුණු පාඨමාලාවක් හැදෑරීමට එම සම්මානලාභියාට අවස්ථාව උදාවේ.

මෙම උළෙලේ ප්‍රධාන අනුග්‍රාහකයන් වනුයේ, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්, එයිට්කන් ස්පෙන්ස්, ශ්‍රී ලංකා රක්ෂණ සමාගම, ලංකා බැංකුව, මහජන බැංකුව සහ ඕලු වෝටර් බොට්ල්ස් යන ආයතනයන්ය. ගල්කිස්ස හෝටලය සත්කාරක භාවය පිරිනමයි.
පුවත්පත්  ආයතන හතක් වෙතින් ලැබුණු වාර්තාගත වූ 354ක මුළු ඉල්ලුම්පත්‍ර සංඛ්‍යාවක් (මුද්‍රිත මාධ්‍ය සඳහා වූ) සාමාජිකයන් 13 දෙනෙකුගෙන් සමන්විත සුවිශේෂී ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසිනුත්, (මාර්ගගත පුවත්පත් සඳහා වූ) සිව් සාමාජික විනිශ්චය මණ්ඩලයක් විසිනුත් භාරගන්නා ලද බව මේ වසරේ ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන වැඩසටහනේ කැඳවුම්කරු වන සුකුමාර් රොක්වුඩ් මහතා කියා සිටියේය.

මුද්‍රිත මාධ්‍ය අංශ සම්මාන 16 මෙසේය.

• වසරේ ජනමාධ්‍යවේදී මර්වින් ද සිල්වා සම්මානය
• වසරේ හොඳම උණුසුම් පුවත
• වසරේ ගවේෂණශීලී ජනමාධ්‍යවේදියා
• වසරේ හොඳම පරිසර වාර්තාකරු
• සමාජ ගැටලු වාර්තාකරණය පිණිස වූ සුබ්‍රමානියම් චෙට්ටියාර් සම්මානය
• වසරේ හොඳම ක්‍රීඩා ජනමාධ්‍යවේදියා
• වසරේ හොඳම තරුණ ජනමාධ්‍යවේදියාට හිමි (අවුරුදු 26න් පහළ) ඩෙන්සිල් පීරිස් සම්මානය
• වසරේ හොඳම ජනමාධ්‍ය ඡායාරූප ශිල්පියා
• වසරේ හොඳම නිර්මාණශීලී පුවත්පත
• වසරේ හොඳම ව්‍යාපාර සහ මූල්‍ය කටයුතු පිළිබඳ ජනමාධ්‍යවේදියා
• වසරේ හොඳම විශේෂාංග රචනය සඳහා වූ උපාලි විජේවර්ධන සම්මානය
• වසරේ හොඳම කාටුන් ශිල්පියා
• හොඳම තීරු ලිපි රචනය සඳහා වූ බී.ඒ. සිරිවර්ධන සම්මානය
• විශේෂ වාතාවරණයන් යටතේ වාර්තාකරණය වෙනුවෙන් පිරිනැමෙන මහාචාර්ය කේ. කෛලාසපති සම්මානය
• තොරතුරු දැන ගැනීමේ අයිතිය භාවිත කරමින් රචනා වූ වසරේ හොඳම පුවත් විශේෂාංගය
• වසරේ හොඳම වෛද්‍ය කටයුතු සහ සෞඛ්‍ය රැකවරණ වාර්තාකරු

මාර්ගගත පුවත්පත් අංශයන්

• හොඳම නිර්මාණශීලී සැලසුමෙන් යුතු පුවත් වෙබ් අඩවිය
• හොඳම වීඩියෝ කතා පුවත පැවසීම

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02