මාධ්‍යවේදයේ හෝඩි පොතේ සිට මාධ්‍ය සාක්ෂරතාවය පරපුරෙන් පරපුරකට දායාද කළ මාධ්‍යකරණයේ සොඳුරුතම ගුරු ගීතයක් ලෙස නිබඳ සිරි රණසිංහයන් අපේ සම්භාවනාවට පාත්‍ර වේ. අසිරිමත් සිරි අසිරි ලංකාදීපයෙන් එහාට මාධ්‍යකරණයට එක් කළ සොඳුරු ආඥාදායක මාධ්‍ය සුවිශිෂ්ටයකු ලෙස සිරි රණසිංහ චරිතය දේශයේ අපි නිර්වචනය කරමු.
මාධ්‍ය සරසවියක් ලෙස හැඳින්විය හැකි ලංකාදීපයට පමණක් නොව විජය පුවත්පත් සමාගමටම රණසිංහයකු වූ සිරි රණසිංහ ජ්‍යෙෂ්ඨතම කතුවරයා සුභාවිත සුලාලිත සුභාෂිත මාධ්‍යකරණයෙන් ඔබ්බට මාධ්‍යයේ විවිධ දිශානතීන් විවෘත අදීන මනසකින් සොයා ගිය සොඳුරු ගවේෂකයෙකි.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සිරි අසිරි ඇගයුම් උළෙල පැවැත්වූයේ මාධ්‍යයේ අපට මහා වනස්පතියක් වූ ඒ දැවැන්ත මාධ්‍ය යෝධයා ප්‍රශංසනීය ඇගයුමකට ලක් කිරීමේ අභිලාෂයෙනි. මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්, මාධ්‍යයේ දැවැන්තයන් සේම ආධුනිකයන්, හිටපු ජනපතිවරුන් ප්‍රමුඛ දේශපාලනඥයන් මෙන්ම සිරි රණසිංහ ආදරණීයන් එක්වූ සිරි අසිරි උළෙල වර්ණවත් කරනු වස් සිරි රණසිංහ කතුවරයාගේ ගමන් මඟේ බොහෝ ළබැඳීන් එක්ව සිටියහ.
I සංජීවිකා සමරතුංග
ඡායාරූප : ගයාන් අමරසේකර I ළහිරු හර්ෂණ