ලොව විශාලතම කෲස් නෞකාව මේ වන විට එහි පළමු ගමන ආරම්භ කර ඇත. අති දියුණු නවතම නෞකා තාක්‍ෂණය භාවිත කරමින් ගොඩනගා ඇති Icon of the Seas, නමැති එය ටයිටැනික් නෞකාවට වඩා පස් ගුණයකින් විශාල අතර මේ නෞකාව එහෙයින්ම කෲස් යාත්‍රාවන්ගේ පරිණාමයේ උච්ඡතම අවස්ථාව ලෙස නම්කර ඇත.
ඉදිකිරීමට ඩොලර් බිලියන 2ක් වැය වී ඇති මෙම ලොව විශාලතම සංචාරක නෞකාව වන කෲස් නැව දැන් සිය මංගල ගමන ෆ්ලොරිඩාවේ මියාමි සිට ආරම්භ කර තිබේ. Icon of the Seas, යෝධ මගී නෞකාව මීටර් 365ක් දිග (අඩි 1,200කට ආසන්න) වන අතර එහි බර ටොන් 250,800 කි. එය Royal Caribbean International ආයතනයේ නිෂ්පාදනයකි. එය මෙවර එහි මංගල ගමනේදී මගීන් 5,610ක් සහ කාර්ය මණ්ඩලය 2,350ක් පමණ සුවපහසු ලෙස රුගෙන යමින් සිටියි.
ලොව විශාලතම කෲස් නෞකාව ලෙස මෙතෙක් සැලකුවේ ද රාජකීය කැරිබියන් ආයතනයේම තවත් යාත්‍රාවක් වන වොන්ඩර් ඔෆ් ද සීස් ය. එය පසුගිය වසරේ සිය සමාරම්භක මුහුදු ගමන සිදුකළ අතර අඩි 1,188ක් දිගය. තට්ටු 18ක් සහිතය. අලුත් නැව තට්ටු 20කින් සමන්විත යෝධ යාත්‍රාවකි. එය සත් සමුදුර තරණය කිරීමෙහි ආශාවෙන් සිටින සංචාරකයන්ට නවමු අත්දැකීමක් වනු ඇත.
මුලින්ම 2016 ඔක්තෝබර් මාසයේදී Royal Caribbean සහ Meyer Turku විසින් “Icon” යන ව්‍යාපෘති නාමය යටතේ නැව් දෙකක් තැනීමට වූ යෝජනාව මගින් මෙම නැව තැනීමේ ආරම්භය සිදුව ඇත. එමෙන්ම Royal Caribbean 2016 දී “Icon of the Seas” සඳහා වෙළෙඳ ලකුණක් ලියාපදිංචි කිරීමට ඉල්ලුම් කර තිබුණි. මේ අතරම Icon of the Seas සඳහා වානේ කැපීම 2021 ජූනි මාසයේදී ආරම්භ විය.
අන්තිමේදී ෆින්ලන්තයේ නැව් අංගනයක ඉදිකිරීම් අවසන් කර හමාර වූ මෙම “Icon of the Seas” නෞකාව ඉකුත් 2023 වසරේ ඔක්තෝබර් මාසයේදී එහි පළමු මුහුදු අත්හදා බැලීම් සඳහා විවෘත ජලය වෙත සාර්ථක ගමනක් ගොස් නිමා කළේය.
එය ගිගා ටොන් 250,800 ක ද්‍රව ස්වභාවික වායුව (LNG) මගින් බලගැන්වේ. නෞකාවේ බහු ඉන්ධන එන්ජින් හයක් ඇති අතර එය 67,500 kW (90,520 hp) බලයක් ජනනය කරයි. එන්ජින් LNG සහ ආසවනය කරන ඉන්ධන යන දෙකින්ම බලගැන්විය හැකිය. විදුලිය සහ මිරිදිය නිපදවීමට ඉන්ධන සෛල භාවිත කිරීම වැනි වෙනත් විකල්ප බලශක්ති ලක්ෂණ නැවේ අඩංගු වේ. Icon of the Seas යනු එවැනි තාක්ෂණයක් භාවිත කළ පළමු Royal Caribbean යාත්‍රාවයි.
මේ නෞකාව තුළ කෙනකුට සිතාගත හැකි සෑම විනෝදාස්වාද අංගයක්ම පවතී. නිදහසේ ඇවිද යා හැකි සක්මන් මලු, උද්‍යාන, යෝධ ෂොපින් මෝල් සහිත එහි ජලතටාක හතක්, දිය සුළි නවයක් සහිත මුහුදේ විශාලතම ජල උද්‍යානය ඇත. අවන්හල්, බාර් සහ විවේකාගාර 40කට වඩා මෙහි දක්නට හැකිය.
විවිධ විනොදාස්වාදී ක්‍රියාදාම ඇතුළත් අසල්වැසි කලාප 8කට බෙදා ඇති නැවේ මුළු ඉඩකඩ පුරා ලෝකයේ මෙතෙක් ඇති සියලුම සැප පහසුකම් ගොනුකර තිබේ. එහෙයින්ම මෙය සැබෑ ලෝකයෙන් පරිබාහිර පාවෙන සුරපුරයක් බඳුය.
Icon of the Seas හි නව ශිත දූව Chill Island නමැති අසල්වැසි කලාපයේ ඇති Royal Bay Pool යනු මුහුදේ පාවෙන යාත්‍රාවක ඇති විශාලතම තටාකයයි. එමෙන්ම Icon of the Seas තුළ දී සුඛෝපභෝගී හෝටලයක අත්දැකීම ලැබිය හැකි අතර එහි තට්ටු 20 ක් සහ පිහිනුම් තටාක 7 ක් සහ ජල විනිවිදක ස්ලයිඩ 6 ක් ඇත. නිෂ්පාදිත සමාගම පවසන්නේ නැවෙහි ඇති උසම දියඇල්ල, උසම ජල ස්ලයිඩයන්, විශාලතම ජල උද්‍යානයන් සහිතව ලෝකයේ මෙතෙක් පවතින නෞකාවලින් අත්විඳිය නොහැකි නවමු අත්දැකීම් රුසක් මෙම නෞකාව මගින් ලැබිය හැකි බවයි.
Icon of the Seas හි නව ශිත දූව - Chill Island නමැති අසල්වැසි කලාපයේ ඇති Royal Bay Pool යනු මුහුදේ ඇති විශාලතම තටාකයයි. මෙහි ප්‍රතිනිර්මාණය කර ඇති රාජකීය සක්මන් මළුවෙහි, මේ දක්වා Royal Caribbean යාත්‍රාවන්හි ඇති විශාලතම අයිස් පිටිය දක්නට හැකිය. තරුණ පවුල් සඳහා නිර්මාණය කර ඇති, Surfside කලාපයෙහි දවස පුරා ක්‍රීඩා කිරීමට, විනෝද වීමට නව ක්‍රම රුසකි.
එහි වාර්තාගත උසැති තට්ටු හයක් හේතුවෙන් Category 6, ලෙස මෙහි අපූරු ජල උද්‍යානය නම් කර ඇත. එක් තලයක එතෙක් මෙතෙක් ජල යාත්‍රාවක තැනූ උසම දියඇල්ල ඇතුළත් වේ. තවත් තට්ටුවක කෲස් නෞකාවක දැකිය හැකි එවැනි ආකාරයේ පළමුවැන්න වන free-fall waterslide නිදහසේ ඇද වැටීමේ හැකියාව ඇති ජල කඳක් සහිත තලයකි.
උපන්දින බඳු විශේෂ අවස්ථා සහ මංගල්‍ය වැනි ජිවිතයේ සන්ධිස්ථාන සමරුවට ආසන 12 - පුද්ගලික Celebration Table හි ලැබෙන VIP සැලකීම Icon of the Seas හි නව අත්දැකීමකි. නැවෙහි Royal Loft Suite කලාපය තුළ ඇති සුඛෝපභෝගී කාමර පද්ධති අතිවිශේෂය. නිවාඩු ගත කරන්නන් හය දෙනකුට විනෝද විය හැකි වර්ග අඩි 2,000කට වඩා වැඩි ප්‍රමාණයක ඉඩකඩ සහිතය.
විවිධ මිල ගණන් සහිත ගමනාන්ත රුසක් අතරේ නැව මියාමි සිට බටහිර කැරිබියන් දක්වා රාත්‍රී හතක චාරිකාවක් ද සපයයි. එහිදී අභ්‍යන්තර කාමරයක් සඳහා ලාභම ටිකට්පතේ මිල ඩොලර් 1,851 කි. එම සංචාරයේදී නෞකාවේ වඩාත්ම මිල අධික කාමර කට්ටලයක් සඳහා මිල ඩොලර් 10,864 කි.
I සුගත් පී. කුලතුංග ආරච්චි