2024 ජුලි 06 වන සෙනසුරාදා

මහනුවර දැන් යාචක නුවරක්

 2024 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 22

මහනුවර ජන ජිවිතයට බරපතළ බලපෑමක් එල්ල කරමින් මහජනතාව වෙනුවෙන් ඉදිකර ඇති පොදු ස්ථාන ආක්‍රමණය කරමින්, දිවා රාත්‍රී  එම ස්ථානවල රුඳී සිට, එම ස්ථාන  අපවිත්‍ර කරන යාචක වසංගතයට විසඳුම් දීමට ජනතාවගේ මුදලින් යැපෙන රාජ්‍ය ආයතන රුසක නිලධාරින් කර අරින විට මහජන විරෝධය ඉතා බරපතළ ලෙස ඔවුනට එල්ල වී තිබේ.

මෙම බරපතළ මහජන පීඩාව වසර ගණනාවක් තිස්සේ පැවතිය ද වගකිව යුතු අංශවල කිසිදු බලධාරියකු එයට විසඳුම් දීමට ඉදිරිපත් නොවීම පිළිබඳව බදු ගෙවන මහජනතාව අදාළ නිලධාරින්ට දැඩි ලෙස දෝෂාරෝපණය කරති. මෙම යාචක ප්‍රශ්නය උග්‍ර වෙද්දී ඇතැම් වගකිව යුතු රාජ්‍ය අංශ ප්‍රධානීහු එය හෙළිදරව් කරන මාධ්‍ය ආයතනවලට හා මාධ්‍යවේදීන්ට බැණ වදිති.

සමාජ සේවා දෙපාර්තමේන්තුව, පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව, පළාත් සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පළාත් ප්‍රවාහන අමාත්‍යාංශය යන රාජ්‍ය ආයතනවල මහජන මුදලින් යැපෙන, රජයේ වාහන භාවිත කරමින්, සුව පහසු ජීවන රටාවක් ගෙවන ඇතැම් රාජ්‍ය නිලධාරින්ට මහනුවර යාචක ප්‍රශ්නය විසඳීම අසීරු වී ඇත්තේ මහනුවර යාචක සංගමයක් තිබෙන බවට අසත්‍ය තොරතුරු ප්‍රසිද්ධ රාජ්‍ය නිලධාරී රුස්වීම්වලදී අනාවරණය කිරීම හේතුවෙනි.
මේ සම්බන්ධව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගෙන් විමසූ විට දිස්ත්‍රික් ලේකම්වරයා මෙසේ කීය.

'මහනුවර යාචක ප්‍රශ්නය පිළිබඳව අපි මේ දිනවල සාකච්ඡා කරගෙන යනවා. රාජ්‍ය නිලධාරින්, මධ්‍යම පළාත් සභාව, පොලීසිය, පෞද්ගලික බස්රථ හිමිකරුවන්, සමාජ සේවා දෙපාර්තමේන්තු නිලධාරින්, මේ සැම දෙනාම මේ ප්‍රශ්නය විසඳීමට ඉදිරියේදී ක්‍රියා කරනවා. දැනට මහනුවර නගරය තුළ යාචක ප්‍රජාව 300 ක් පමණ සිටිනවා. මේ අය මෙහෙයවන කණ්ඩායමකුත් ඉන්නවා. දැනටමත් ඒ පිළිබඳව තොරතුරු එක්රුස් කරමින් පවතිනවා. සමහර යාචකයෝ ඉන්නවා වෙනත් පළාත්වලින් මහනුවරට සංක්‍රමණය වූ අය. මේ අය සිඟමනේ යන්නේ මහනුවර නගරයේ ස්ථාන බෙදා වෙන් කරගෙන. කිළිනොච්චිය වැනි දුර පළාත්වලින් මහනුවරට පැමිණි යාචක වෙස්ගත් කිහිප දෙනෙක් සිටින බවටත් තොරතුරු ලැබුණා.'

මහනුවර කොට්ඨාසයේ  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගෙන් නගරයේ යාචක ප්‍රශ්නය පිළිබඳව  විමසීමක් කළ අවස්ථාවේ එම නිලධාරියා  මෙසේ පැවසීය.

'මහනුවර නගරයේ යාචක ප්‍රශ්නය ගැන විසඳුම් ලබාදීමට ඉදිරිපත් වන සෑම රාජ්‍ය ආයතනයකටම අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමට පොලිසිය මැදිහත් වෙනවා. සමාජ සේවා දෙපාර්තමේන්තුව මේ කාර්යයට මැදිහත් විය යුතුයි. පොලීසියට පමණක් මේ කාර්යයට  තනිව මැදිහත් වෙන්න අසීරුයි.'

කෙසේ වෙතත් මහනුවර ඇසළ පෙරහරට පෙර මහනුවර නගරයේ පොදු ස්ථාන අත්පත් කරගෙන සිටින අයාලේ යන පිරිස් ඉවත් කිරීමේ කටයුතුවලදී පොලිසිය අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක  මහතා  පැවසීය.

•  ජේ.ඒ.එල්. ජයසිංහ සහ තෙල්දෙණිය චන්දන උඩුවාවල