ලෝකය පුරා වාර්තා වූ අප්‍රිකානු ඌරු උණ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක ද මිය යන ලද ඌරන්ගේ සාම්පල තුළින් සොයා ගැනීමට සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් පේරාදෙණිය ගැටඹේ රසායනාගාරය තුළ සිදු කළ පරීක්ෂාවන්ගෙන් පසුව හැකිවිණි. බස්නාහිර, වයඹ සහ උතුරුමැද පළාතේ ඌරු ගොවිපොළ ආශ්‍රිතව මේ රෝගය වාර්තා වී තිබේ. එය අප්‍රිකානු සූකර උණ රෝගය (AFS) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය (PRRS) රෝගය බවට තහවුරු කරගෙන ඇත. ඌරු ප්‍රජනක සහ ශ්වසන සින්ඩ්‍රෝමය, (PRRS), නිල් කන් රෝගය ලෙස ද හැඳින්වේ. මේ රෝගය ගෘහස්ත සහ ඇති කරන ඌරන්ට බලපාන අතර ඉක්මනින්ම ව්‍යාප්ත වන රෝගයකි. මෙයින් මිනිසාට ඍජු බලපෑමක් නැති වුවද මාංශ වෙළෙඳපොළ සහ සත්ත්ව නිෂ්පාදන සම්බන්ධයෙන් දැඩි බලපෑමක් කළ හැකි අතර එමගින් ආර්ථිකමය ආවාසි ඉහළ යා හැකිය.
මේ වන විට ලංකාව තුළ ඌරු මස් අලෙවිය තහනම් කර තිබේ. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තම්න්තුව එම තහනම පැනවීමට පියවර ගත්තේය. එම ගැසට් නිවේදනය මගින් ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය (AFS) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය (PRRS) ආසාදිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කර තිබේ. ඒ අනුව, ඔක්තෝබර් 25 වැනිදා සිට මාස තුනක කාලයක් සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇති මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් රෝග පැතිරීම වැළැක්වීම සඳහා සීමා පනවා තිබේ.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල පෙන්වා දෙන්නේ මෙම රෝග ඌරන්ගෙන් මිනිසුන්ට බෝ නොවන බවය. “අප්‍රිකානු සූකර උණ රෝගය (AFS) ටිකක් දරුණුයි. මරණ ප්‍රතිශතය ඉහළයි. ඒ මැරිච්ච සත්තු අනුභවය අපි නිර්දේශ කරන්නේ නැහැ. ඒ වුණාට මේක බෝවෙන්නේ නැහැ මිනිස්සුන්ට. මේක ස්පර්ශයෙන් හෝ අනුභවයෙන් බෝවන රෝගයක් නෙමෙයි. නමුත් මැරිච්ච සත්තුන්ට වෙන වෙන බැක්ටීරියා එන්න පුළුවන්. නරක් වෙනවා මැරුණට පස්සේ. ඒ නිසා පරිභෝජනයට සුදුසු නැහැ.” යැයි ඇය කියයි. මේ වනවිට රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අවශ්‍ය ආරක්ෂණ පියවර ක්‍රියාත්මකය.
මේ රෝගයේ රෝග ලක්ෂණ අතර ප්‍රජනක ක්‍රියාකාරිත්වය අඩපණ වීම හා නියුමෝනියාව සහ ද්විතියික බැක්ටීරියා ආසාදනයට සමාන රෝග ලක්ෂණ දැක ගැනීමට හැකියාව ඇත.
ගොවිපොළ තුළ යම් ආකාරයකින් හදිසියේම ඌරන් මිය යෑම් සිදුවුවහොත් හැකි ඉක්මනින්ම ළඟම ඇති පශූ වෛද්‍යවරයකු දැනුවත් කරන ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.
මාංශ සඳහා සත්වයන් ඝාතනය කිරීමේදී අනිවාර්යයෙන් ගෝ ඝාතක ආඥා පනතට අනුව කටයුතු කිරීම නොකළහොත් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරනු ඇත. එමෙන්ම හදිසියේම මිය යන සත්ත්වයන්ගේ මාංශ වෙළෙඳසල්වලට නිකුත් කිරීමෙන් වැළකිය යුතු අතර රෝගය ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා ප්‍රදේශය භාර පශූ වෛද්‍ය නිලධාරීවරයාගෙන් අවශ්‍ය කරුණු විමසන ලෙස උපදෙස් දී තිබේ.
විශේෂයෙන්ම මේ දිනවල ලබාගන්නා ඌරු, කුකුළු සහ අනෙකුත් මාංශ වර්ග පරිභෝජනයට ගැනීමේදී හොඳින් පිසගන්නා ලද මාංශ පමණක් ආහාරය සඳහා ගන්නා ලෙස උපදෙස් දෙන අතර, හැකිතාක් මේ දිනවල මාංශ අනුභවයෙන් වැළකී සිටීමට කටයුතු කිරීම වඩාත් සුදුසු බව වෛද්‍ය නිර්දේශයයි.
1992 අංක 59 දරණ සත්ව රෝග පනත යටතේ නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පතට අනුව අංක 2407/35-2024 ඔක්තෝබර් මස 25 වැනි සිකුරාදා - 2024/10/25 නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව පහත කොන්දේසි කඩ නොකළ යුතුය.
(I) සත්ත්ව රෝග පනතේ 5 (4) වගන්තිය යටතේ සියලුම අවදානම් සහිත ඌරන්, ඌරු මස් සහ එම නිෂ්පාදන හෝ රෝග කාරක ද්‍රව්‍ය අසාදිත හෝ අවදානම් ප්‍රදේශය තුළ හෝ ප්‍රදේශයෙන් පිටතට ප්‍රවාහනය කිරීම, ඉවත් කිරීම, රැගෙන යාම හෝ පලවා හැරීම,
(ii) ආසාදිත සතුන් ඝාතනය කිරීම,
(iii) රෝග අවදානමකට ලක්ව සිටින සතුන් සඳහා කෘත්‍රිම අභිජනන ක්‍රම භාවිත කිරීම,
(iv) අවදානම් සතුන් භාවිත කර සජීවී සත්ත්ව වෙළෙඳපොළ පැවැත්වීම, දර්ශන හා තරග පැවැත්වීම,
(v) ඌරන්, ඌරු මස් සහ එම නිෂ්පාදන හා රෝග කාරක ද්‍රව්‍ය විකිණීම, විකිණීමට පාත්‍ර කිරීම, ගබඩා කිරීම හෝ බෙදා හැරීම සහ ඌරු මස්වලින් නිෂ්පාදන සකස් කිරීම,
(vi) අදාළ රෝග හේතුවෙන් මරුමුවට පත්වූවා හෝ ආසාධිත වූවා යැයි සැකයට හේතු වූ යම් සතකුගේ මළකුණක් හෝ එහි කොටසක් හෝ වෙනත් කිසියම් අවදානමට ලක් වූ ද්‍රව්‍යයක් හෝ ජලය සම්බන්ධ කිසිදු ස්ථානයකට දැමීම, හෝ
(vii) අදාළ රෝගයන් හේතුවෙන් මරුමුවට පත්වූවා හෝ ආසාධිත වූවා යැයි සැකයට හේතු වූ යම් සතකුගේ මළකුණක් හෝ එහි කොටසක් වෙනත් සතුන් විසින් වෙනත් ස්ථානයකට හෝ ප්‍රදේශයකට හෝ රැගෙන යාමට හැකි පරිදි යම් ස්ථානයක දැමීම හෝ ස්ථානගත කිරීම සිදු කළ යුතුව ඇත.
• සුගත්