අසේල ගුණරත්න තරගයේ වීරයා
ශ‍්‍රී ලංකා පිල සහ ඕස්ෙට්‍ර්ලියානු පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මෙල්බන්හිදී සිකුරාදා පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් ලබමින් සාර්ථක ආරම්භයක් ලබාගැනීමට සමත් වූහ.
ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 169ක ජයග‍්‍රාහි ඉලක්කය කඩුලු 5ක් පමණක් දැවී අවසන් පන්දුවේදී සම්පූර්ණ කිරීමෙන් ඕස්ෙට්‍ර්ලියානුවෝ විමතියට පත් වූහ. මෙම තරගය ලසිත් මාලිංග වසරකට පසුව සහභාගි වූ පළමු තරගය වූ අතර මාලිංග ඕවර හතර ක‍්‍රියාත්මක කරමින් ලකුණු 29 කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.
අසේල ගුණරත්න ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්වෙමින් පන්දු 37කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 52 ක් රුස්කිරීම කැපී පෙනුණි. ඩිල්ෂාන් මුණවීර අංක තුන ස්ථානයේ පන්දුවට පහර දෙමින් පන්දු 29 කින් හතරේ පහර 6 ක් සමගින් ලකුණු 44ක් රුස්කරමින් කාලයකට පසුව සාර්ථක විය. නිරෝෂන් දික්වැල්ල හොඳ ආරම්භයක් ලබා දෙමින් පන්දු 25 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 30 ලබාගත්තේය.
ඕස්ෙට්‍ර්ලියානු පිලේ නායක ඒරන් ෆින්ච් ඉහළතම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 34කදී ලකුණු 43ක් රුස් කළේය.