2017 මාර්තු 25 වන සෙනසුරාදා

දීපාල් පෙරේරා යළිත් කළුතර ක්‍රීඩා සමාජ සභාපති පදවියට

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 61

1888 වසරේ දී ස්ථාපිත  කරන ලද ශ්‍රී  ලංකාවේ පැරැණිතම ක්‍රිකට් ක්‍රීඩා සමාජයක් වන  කළුතර නාගරික  ක්‍රීඩා සමාජයේ (KTC) 129 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී එහි සභාපති ලෙස දීපාල් වී. පෙරේරා මහතා නැවත වරක් තෝරාපත් කරගන්නා ලදී. 

රටේ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩා සමාජයක් බවට කළුතර නාගරික ක්‍රීඩා සමාජය පත්කිරීමට තමන් කටයුතු කරන බවත් යළිත් වරක් තමා මෙම සමාජයේ සභාපති ලෙස පත්කිරීම  පිළිබඳව ස්තූතිවන්ත වන බවත් දීපාල් පෙරේරා මහතා එහිදී ප්‍රකාශ කළේය. 

නව නිලධාරී මණ්ඩලය මෙසේය. 
සභාපති-  දීපාල් පෙරේරා, පළමු උප සභාපති - පින්සිත්  පෙරේරා, දෙවැනි උප සභාපති  - ඩික්ෂන් පුංචිහේවා, තෙවැනි උප සභාපති - කොලින් සිල්වා, ලේකම් - ඩිල්රාන් අබේසේකර, සහායක ලේකම් - ජෝර්ජ් වීරසිංහ,  භාණ්ඩාගාරික - සමන් ගුණසේකර, මණ්ඩල ලේකම් - ලලිත් සමරනායක,  ක්‍රීඩා ලේකම්  - පාලිත  ජයනෙත්ති, සමාජ ලේකම් - ප්‍රසන්න ජයසේන 
ජී. විජේතුංග, පර්සි අබේසේකර, විල්ස් පෙරේරා, අනුර විජේසේකර, සුමිත් ලියනගේ කමිටු සාමාජිකයන් ලෙස පත්වූහ.