ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංචිතයේ ක‍්‍රීඩකයන් පිරිසක් තහනම් උත්තේජක පාවිච්චි කළේ යැයි කියන සිද්ධිය වඩාත් දරුණු අතට හැරෙමින් ක‍්‍රීඩා වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයකුට ද චෝදනා එල්ල වී තිබෙන බව වාර්තා වේ.
අදාළ වෛද්‍යවරයා නිර්දේශ කළ ඇතැම් බෙහෙත් වර්ගවල ද තහනම් උත්තේජන සංඝටක තිබූ බවට චෝදනා එල්ල වී ඇති බව මලල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ කතාබහට ලක්ව තිබේ. ක‍්‍රීඩකයකු ලබාදුන්නේ යැයි කියන ප‍්‍රකාශයකින් අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් හෙළි වී තිබේ. ජාතික කණ්ඩායම් සමඟ සංචාරවලට සහභාගිවීමට ප‍්‍රසිද්ධියක් උසුලා ඇති එම වෛද්‍යවරයාගෙන් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව වාර්තා විය.
ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංචිතයේ 70කට අධික ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සංඛ්‍යාවක් පුහුණුව ලබන අතර ඉන් 11 දෙනකු තහනම් උත්තේජක ලබාගැනීම පුරුද්දක් කරගෙන සිටි බවට චෝදනා එල්ල වී තිබේ. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ තොරතුරු රැස්කිරීමට තවදුරටත් ඔවුන්ගේ පෞද්ගලික පුහුණුකරුවන් බාධා කරන බව වාර්තා වේ.
තවද ඉහළතම ක‍්‍රීඩා බලධාරියකු මෙම ප‍්‍රශ්නය හමුවේ දෙපැත්ත කන ක‍්‍රියාවලියක් අනුගමනය කරන බවටද චෝදනා එල්ල වේ. එම නිලධාරියා මලල ක‍්‍රීඩා සංගමයට පරීක්‍ෂණ ඉක්මන් කරන ලෙස පවසන අතරවාරයේ ක‍්‍රීඩකයන්ට තමන් ඔවුන් සමඟ සිටිනා බව පවසන බව වාර්තා වේ.
යොහාන් භාසුර