ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හිදී ලබන අප්‍රේල් මස පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලට සහභාගි වීමට අවශ්‍ය කටයුතු සළසන ලෙස රජයේ ප‍්‍රබල ඇමතිවරයකුගෙන් බලපෑම් එල්ල වී ඇති බවට ක‍්‍රීඩා අමාත්‍යංශය පැත්තෙන් දැනගන්නට තිබේ. රග්බි ක‍්‍රීඩාවට විශාල සම්බන්ධයක් ඇතැයි කියන පසුගිය කාලයේ චෝදනා රැසක් ද එල්ල වූයේ යැයි කියන අදාළ ඇමතිවරයාගේ ඥාතීන් සහ හිතවතුන් රැසක් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බවත් එය හේතුවක් කරමින් තමන් ක‍්‍රීඩා උළෙලට සහභාගි කරන ලෙස බලපෑම් කරන බව වාර්තා වේ.
පෞද්ගලික වාණිජ බැංකුවක සේවය කරන්නේ යැයි කියන බෝඩ්ලෑලි වෙබ් අඩවියක් ඉදිරියට දමාගත් පුද්ගලයකු ද ගෝල්ඩ් කෝස්ට් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලට සහභාගි වන බව වාර්තා වේ.
ඔලිම්පික් නිලවරණයේදී වර්තමාන නිලධාරීන්ට සආය දැක්වූ එහෙත් ශ්‍රී ලංකාවේදී කිසිදු ක‍්‍රීඩා උළෙලක් ආවරණය නොකරන මාධ්‍යවේදීන් සහ ක‍්‍රීඩා සංගම් නිලධාරීන් ගෝල්ඩ් කෝස් පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උළෙලට සහභාගි කරවීමට ජාතික ඔලිම්පික් කමිටුව මේ වන විට සියලු කටයුතු ඉටුකර හමාරය. ඔලිම්පික් නිලවරණයේදී වර්තමාන නිලධාරීන්ට විරුද්ධව ඡන්දය දුන් ක‍්‍රීඩා සංගම් නිලධාරීන් කප්පාදු කිරීම ද මේ වනවිට යහමින් සිදුවේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස වෙරළ වොලිබෝල් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ නිලධාරියා ඉවත්කර ඇති අතර වොලිබෝල් සංගමය පසුගිය සතියේ ඒ පිළිබඳව ක‍්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කර තිබිණි.
ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය ඔලිම්පික් නිලවරණයේදී වර්තමාන නිලධාරීන්ට එරෙහිව ඡන්දය ප‍්‍රකාශ කළේය. හිතවතුන්ට අවස්ථාව ලබාදීම සැඟවීමේ ක‍්‍රියාමාර්ගයක් ලෙස ජාතික ඔලිම්පික් කමිටුව ක‍්‍රීඩා උළෙලට සහභාගි වන මෙගා කණ්ඩායමේ සාමාජික සංඛ්‍යාව හෝ වියදම ප‍්‍රසිද්ධ කිරීම කල්දමමින් සිටියි. මෙම ක‍්‍රීඩා උළෙලට සහභාගි වන කණ්ඩායමට මේ දක්වා ක‍්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය ලැබී නොමැති අතර ක‍්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධානියා සහ උප ප‍්‍රධානියා ලෙස පත්කර ඇතැයි කියන නිලධාරීන් සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යංශය විරෝධය පළකර ඇතැයි වාර්තා වේ. එම නිලධාරීන් දෙපළ නිල වශයෙන් එම තනතුරුවලින් ඉවත් කර නිල නොවන ප‍්‍රධානීන් ලෙස ඔවුන් සහභාගි කරවීමට ඔලිම්පික් ප‍්‍රධානීන් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
ජාතික ඔලිම්පික් කමිටුවේ වර්තමාන නිලධාරීන්ගේ හිතවතුන් රුසක් මේ වනවිටත් ඕස්ටේ‍්‍රලියානු වීසා ලබාගෙන ඇති බවත් ඔවුන් අතර ඇතැමුන්ගේ පවුලේ සාමාජිකයන් ද සිටින බවටත් චෝදනා එල්ල වේ.
► විශේෂ ලියුම්කරුවකු විසිනි