ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ මෙහෙවීමෙන් දැන් පැවැත්වෙන වයස 19 න් පහළ රග්බි තරගාවලියේ නීති රීති රැසක් මෙවර වෙනස්කර තිබේ. පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 15 න් සහ 17 න් පහළ තරගාවලිවල ද නීති රීති උඩු යටිකුරු කර තිබේ.
ක‍්‍රීඩාවක් හෝ පුද්ගලයකු නිශ්චිත ප‍්‍රතිපත්තියක කටයුතු කිරීමෙන් එම ක‍්‍රීඩාවේ හෝ පුද්ගලයාගේ කාර්යවල එසේත් නැත්නම් දියුණුව පහසුවෙන් මැන බැලිය හැකිය. එසේ නොමැතිව කාලයෙන් කාලයට ප‍්‍රතිපත්ති වෙනස් වන්නේ නම් නිශ්චිත තීරණවලට එළඹීමේ අපහසුතා පැන නැගිය හැකිය.
වයස 15න් පහළ ක‍්‍රිකට් තරගාවලිය පසුගිය වසරට වඩා හාත්පසින්ම වෙනස් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ ක‍්‍රිකට් කමිටුව තීරණය කර තිබේ. වයස 15න් පාසල් ක‍්‍රිකට් තරගාවලිය පවත්වන ආකාරය මේ වනවිට පස් හය වතාවක් වෙනස්කර තිබේ.
ප‍්‍රධාන පාසල් රග්බි තරගාවලිය පසුගිය වසරේ වයස 20 න් පහළ ලෙස පැවැත්වුණ ද මෙවර වයස 19න් පහළ ලෙස පැවැත්වේ. එහි එක් අර්ධයක් පසුගිය වසරේ මිනිත්තු 40ක් වුවද මෙවර එය මිනිත්තු 35ක් දක්වා අඩුකර තිබේ.
පාසල් රග්බි තරගාවලිය වයස 20න් පහළ සිට 19න් පහළ දක්වා ද, 19න් පහළ සිට 20න් පහළ දක්වා ද, අවස්ථා කීපයකදී වෙනස්කර තිබේ. පාලකයන් මාරු වනවිට එසේ නැත්නම් වෙනත් පිරිසකගෙන් වාඩුව ගැනීමට ප‍්‍රතිපත්ති වෙනස් කිරීම රටකට එතරම් සුදුසු නොවේ. ඒ පිළිබඳව අධ්‍යාපන සහ ක‍්‍රීඩා බලධාරීන් සිහියෙන් යුතුව කටයුතු කළ යුතුය.
I භාසුර