ඉන්දීය ජාතිකයකු යැයි කියන පුද්ගලයකු ‘වෙබ් අඩවියක්’ පවත්වා ගෙන යමින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන් බිය ගන්වමින් ව්‍යාපාරික අරමුණු ඉටුකර ගැනීමේ ක‍්‍රියාවක නිරතව සිටින බව වාර්තා වේ.
අදාළ පුද්ගලයා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට දුරකථනයෙන් කථා කර ක‍්‍රිකට් ආයතනයෙන් පළකරන දැන්වීම් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව වාර්තාවේ. එම දැන්වීම් නොලැබුණහොත් ඔහුගේ වෙබ් අඩවියෙන් අදාළ නිලධාරියාට එරෙහිව පුවත් පළ කරන බව වාර්තා වේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප තනතුරක් දරණ නිලධාරියකුට මෑතකදී දුරකථයෙන් අමතා ඇති අදාළ පුද්ගලයා පුවත්පත්වල පළකරන දැන්වීම් ලබාදෙන ලෙස ඉල්ලා තිබේ. එහිදී අදාළ නිලධාරියා පවසා ඇත්තේ දැන්වීම් ලබාදිය නොහැකි බවයි. අනතුරුව පසුව දින අදාළ නිලධාරියා සම්බන්ධ සිද්ධියක් ඔහුගේ වෙබ් අඩවියේ පළකර තිබේ. දැන්වීම් නොලැබෙන්නේ නම් බලාගන්නම් යැයි ඔහු තර්ජනාත්මක ලෙස පවසන බවත් වාර්තා වේ. මෙම පුද්ගලයා මාධ්‍යවේදියකු ලෙස පෙනී සිටිමින් විවිධ පුද්ගලයන්ට බලපෑම් කිරීම ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ කථාබහට ලක්ව තිබේ.
I විශේෂ ලියුම්කරුවකු විසිනි