2016 අගෝස්තු 02 වන අඟහරුවාදා

AMW

 2016 අගෝස්තු 02 වන අඟහරුවාදා, පෙ.ව. 12:00 134

 

තාරැණ්‍යයේ විලාසිතාව වන Yamaha මෙරටට ගෙන්වා බෙදාහැරීමේ බලයලත් අලෙවි නියෝජිත වන ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගම විසින් තවත් පෙරළිකාර ස්කූටරයක් වන Yamaha Ray ZR කොළඹ හිල්ටන් රෙසිඩන්සීස් හෝටල් සංකීර්ණයේදී AMW සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සමන්ත රාජපක්ෂ, අධ්‍යක්ෂ යොහාන් ද සොයිසා, යමහා සාමාන්‍යාධිකාරි ෂෙහාන් ද සොයිසා මෙන්ම යමහා අලෙවි හා මෙහෙයුම් කළමනාකරැ සහරාන් සියව්ඩීන් මහත්වරැන්ගේද ජපානයේ යමහා ආයතනය නියෝජනය කරමින් OHNO IZUMI සහ YAMAUCHI MINORU මහත්වරැන්ගේද ප්‍රධානත්වයෙන් හඳුන්වාදෙන ලදී.
තාරැණ්‍යයේ ජවය විදහා පාන හැඩයකින්ද, ලීටරයකින් කි.මි. 66ක. සුපිරි ඉන්ධන කාර්යක්ෂමතාවකින්ද යුක්ත Yamaha Ray ZR සතු අත්දැකීම &අසාමාන්‍ය ධාවනයක්* ලෙස හඳුන්වන අතර ලීටර් 5.2ක ධාරිතාවෙන් යුත් එන්ජිම හා බ්ලූ කෝර් තාක්ෂණ්‍ය මගින් ඕනෑම කාර්යබහුල දිනයක් පවා පහසුවෙන් ගෙවා දැමීමේ හැකියාව ලබාදෙයි. CVT සමග එන එයාර් කූල්, 4 ස්ට්‍රෝක්, 113cc, SOHC 2 එංජිම, ටියුම් රහිත ටයර් හා ලීටර 21 ගබඩා කර ගැනීමේ අවකාශය මගින් ආරක්ෂාවත් පොත්පත් හා පෞද්ගලික දේ රුගෙන යාමේ පහසුවත් උදා කරයි.
Yamaha Ray ZR ස්කූටරය සමග නොමිලේ හෙල්මට් එකක්, ජකට් එකක්, රක්ෂණාවරණයක්, ලියාපදිංචිය හා වසර 5ක වගකීමක් හිමිවන අතර AMW කැපිටල් ලීසිං, LB ෆිනෑන්ස්, Arpico ෆිනෑන්ස්, Commercial Credit හෝ ඵලයන්ස් ෆිනෑන්ස් මගින් ලීසිං පහසුකම් ලබාගැනීමේ හැකියාවක්ද පවතී. මේ සඳහා කොන්දේසි අදාළ වෙයි.
මෙම අවස්ථාවේදී Yamaha සාමාන්‍යාධිකාරි ෂෙහාන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේ Yamaha සෑම විටම ලොව විශිෂ්ටත්වය ශ්‍රී ලාංකිකයන් හට අත්දකින්නට ඉඩ සලස්වනවා. Yamaha Ray ZR නව ස්කූටරය ජවය ශක්තිය පිරි තාරැණ්‍යයට විලාසිතාවක් වේවි* යනුවෙනි.
Yamaha Ray ZR අභියෝග හඹායන්නන්ගේ ස්කූටරය ලෙසද හඳුන්වන අතර ලොව ධාවන තරගවලට යොදාගන්නා ස්කුටර් අතර ජනප්‍රියත්වයක් ඉසිලීමටද සමත්ය. සාමාන්‍යයෙන් මෙම ස්කූටරය අධිවේගී යතුරැපැදියක අත්දැකීම සටහන් කිරීමටද සමත් වෙයි.
1949 දී ස්ථාපිත AMW සමාගම වසර 65ක් පුරා තම සේවා පළපුරැද්ද විදහාපාමින් දැනට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ හා සේවා සැපයුම් ආයතනය වී ඇත. AMW සැමවිටම තම නිෂ්පාදනවල අනර්ඝත්වය හා වර්ධනය අපේක්ෂා කරන අතර Yamaha හැරැණු විට දැනට ලෝකයේ ජනප්‍රියත්වයට පත් Nissan, Suzuki, Piaggio වැනි වාහන සන්නාම වල මෙන්ම Epic බැටරි, Good year ටයර්, BP, Castrol ලිහිසි තෙල්, New Holland ට්‍රැක්ටර් වැනි ලොව ප්‍රබල සන්නාමයන්ගේ අලෙවි හිමිකරැ වී ඇත. ඒ සමගම රථවාහන සේවා හා අලෙවියෙන් පසු සේවා, මෙන්ම AMW අනුබද්ධිත AMW කැපිටල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් මගින් මූල්‍යමය සේවා සැපයීමෙන්ද ශ්‍රී ලාංකේය ජන ජීවිතය පහසුවක් හා විශ්වාසයක් රුගෙන ඒමට සමත් විය.