පදක්කම් කට්ටල 306 සඳහා ක්‍රීඩකයන් 11,000 කට වැඩි පිරිසක් ක්‍රීඩා 28කට සහභාගී වන ඔලිම්පික් ක්‍රීඩා උලෙළ අගෝස්තු 5 වැනිදා ආරම්භ වූ අතර මෙම සටහන ලියැවෙන විට ක්‍රීඩා උලෙළ නිමවීමට ඇත්තේ දින හතරක කාලයකි. සටහන ලියැවෙන විට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට රන් පදක්කම් 28ක් දිනාගත් ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම සමත් ව සිටි අතර රන් පදක්කම් 19ක් 17ක් දිනාගත් බ්‍රිතාන්‍ය හා චීන කණ්ඩායම් පිළිවෙළින් දෙවැනි හා තෙවැනි ස්ථානවල පසුවිය.
පෘතුගීසි බස කතාකරන රටක පැවැති පළමු ඔලිම්පික් උලෙළ වන මෙයට පළමුවර කොසෝවා හා දකුණු සුඩාන ජාතික ක්‍රීඩකයන්ද සහභාගී වූ සරණාගත ඔලිම්පික් කණ්ඩායමක් ද සහභාගි විය. මෙවර ඔලිම්පික් උලෙළට සත් සාමාජික රග්බි හා ගෝල්ෆ් යන කී‍්‍රඩා ද ඇතුළත් කර තිබුණි.
උසේන් බෝල්ට් හා මයිකල් පෙල්පස් පුරාවෘත්ත බවට පත්වන මෙම ඔලිම්පික් ක්‍රීඩා උලෙළ අමතක නොවන මතක රුසක් ඉතිරි කරන්නට සමත්විය. බ‍්‍රසීල පාපන්දු ක්‍රීඩක නේමාර් ඔලිම්පික් ඉතිහාසයේ වේගවත්ම ගෝලය වාර්තා කරන විට ලොව එතෙක් මෙතෙක් නොතිබූ වාර්තා තබන්නට බෝල්ට් හා මයිකල් පෙල්ප්ස් සමත් වූහ. මරකානා ක්‍රීඩාංගණයේ හොන්ඩුරාස් කණ්ඩායමට හා සමඟ පැවැති තරගයේදී නේමාර් තරගය ආරම්භ වී තත්ත්පර 14ක් ගතවන තැන ගෝලයක් වාර්තා කරන්නට සමත්විය. බෝල්ට් ඔලිම්පික් උලෙළ තුනකදී මීටර 100 ඉසව්වෙන් පිට පිට රන් පදක්කම් තුනා ගනිමින් මෙතෙක් නොතිබූ වාර්තාවක් තබන්නට සමත් විය. පෙල්පස් මෙවර ඔලිම්පික් උලළේදී රන් පදක්කම් පහක් දිනාගැනීමට සමත්වෙමින් තම ඔලිම්පික් පදක්කම මල්ල පදක්කම් 28කින් පුරවාගැනීමට සමත්වූයේ ලොව එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ඔලිම්පික ක්‍රීිඩකයකු බවට පත්වෙමිනි.
ක්‍රීඩාවලින් දක්වන ලද දස්කම් එසේ වනවිට මෙවර ඔලිම්පික උළෙලේ තවත් රසමුසු සිදුවීම් රුසක් විය. ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වි සිටින චීන දිය පිමි ක්‍රීඩක කින් කායි තම පෙම්වතිය වන දිය පිමි ක්‍රීඩිකා හේ ෂී ට විවාහ යෝජනාවක් ඉදිරිපත් කිරීමට බොහෝ දෙනාගේ ආදරය දිනාගත් සිදුවීමක් විය. හේ ෂී පෙරේදා දිය පිමි ඉසව්වට සහභාගිවෙමින් රිදී පදක්කම දිනාගැනීමට සමත්වූ අතර පදක්කම් පැළැඳ වූ විගස එම ස්ථානයට පැමිණි කින් කායි ඇයට මුදුවක් දික්කරමින් විවාහ යෝජනාවක් කළේය. කින් කායිගේ හා හේ ෂී ගේ ආදර කතාවට අවුරැදු හයක් වන අතර ඔහු තමා පදක්කම දිනූ දිනම මෙසේ යෝජනාවක් ගෙනෙනු ඇතැයි විශ්වාස නොකළ බව ඉන් අනතුරැව හේ ෂී පවසා තිබුණි.
මීටර් 5,000 කාන්තා ධාවන ඉසව්වුවේදී, ඇමෙරිකන් ක්‍රීඩිකා ඇබී ඩැග්නෝස්ටිනෝ සහ නවසීලන්ත ක්‍රීඩිකා නිකී හැම්බ්ලින් ධාවන පථයේ ඇද වැටී ඉන්පසු දෙදෙනා එකිනෙකාට උදවු කර ගනමින් නැගිට ගත් අවස්ථාව බොහෝ දෙනකුගේ අවධානයට ලක් වූ සිදුවීමක් විය. නිකී හැම්බ්ලින් තරගය අවසන් කළ අවස්ථාවේ රෝද පුටුවක ආධාරයෙන් පැමිණි ඇබී ඩැග්නෝස්ටිනෝ ඇයට සුබ පැතීමටද අමතක නොකළාය. ක්‍රීඩිකාවන් දෙදෙනාම තරගය අවසන් කළ බව සංවිධායකයන් තීරණය කළ අතර ඔවුන්ගේ තත්ත්වය යහපත් නම් අවසන් තරගයට ක්‍රීඩා කළ හැකි බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
කාන්තා මීටර් 400 ඉසව්ව නියෝජනය කළ බහාමාස් ක්‍රීඩිකා ෂෝනේ මිලර් අවසන් තත්පරයේදී කිසිවකුත් අපේක්ෂා නොකළ ආකාරයකින් රන් පදක්කම දිනාගැනීමට සමත්වූවාය. ජයග‍්‍රාහී සීමාව ආසන්නයේදී පිම්මක් පනිමින් රන් පදක්කම දිනාගනිමින් ඇමෙරිකන් ක්‍රීඩිකා ඇලිසන් ෆීලික්ස් දෙවැනි තැනට පත් කළාය. කෙසේ නමුත් ෂෝනේ මිලර් ‘බඩගාගෙන’ ලබා ගත් මෙම ජයග‍්‍රහණය සැබෑ ක්‍රීඩා ජයග‍්‍රහණයක් නොවන බවටද බොහෝ පිරිස් චෝදනා කළහ. පසුගිය වසරේ බීජිං නුවර පැවැති ලෝක ශූරතා ක්‍රීඩා උළෙලේදී ඇලිසන් ෆීලික්ස් තත්පර 0.41කින් පරාජයට පත්කරමින් පහසුවෙන්ම රන් පදක්කම දිනාගැනීමටද මිලර් සමත්ව තිබුණි. බ්‍රිතාන්‍ය මලල ක්‍රීඩක මෝ ෆාරා මීටර 10,000 ඉසව්ව අතර මැදදි ඇද වැටී නැගි සිට නැවත තරගයට එක්වෙමින් රන් පදක්කම දිනාගැනීමට සමත්වීමද මෙවර ඔලිම්පික් උළෙලේ තවත් සුවිශේෂී සිදුවීමක් විය. ඔහු තරගයේ අවසන් මීටර කිහිපය කෙටි දුර ධාවන තරගයක මෙන් දිවයවමින් මීටර 10,000 ඉසව්වෙන් තම දෙවැනි ඔලිම්පික් පදක්කම දිනාගැනීමට සමත්විය.
හර්ෂණ තුෂාර සිල්වා
විදෙස් මාධ්‍ය ඇසුරිනි