2016 අගෝස්තු 24 වන බදාදා

කැන්ගරැවන් අංක එෙක් ෙගෟරවය රුකගැනීෙම් සටනක

 2016 අගෝස්තු 24 වන බදාදා, පෙ.ව. 12:00 64

ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 229 කින් ජය ලැබූ ඇන්ජලෝ මැතිව්ස් ප‍්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරග තුනක් පිට පිටම ජය ලැබීමේ අදිටනින් ඊයේ (13) එස්.එස්.සී. පිටියට අවතීර්ණය විය.
ඕස්ට්‍රේලියානු පිල තරග දෙකම පරාජයට පත්ව සිටීමෙන් මානසිකව කඩා වැටීමට පත්ව නැතැයි කිව නොහැක. එය ප‍්‍රයෝජනයට ගනිමින් තෙවැනි තරගයද ජයග‍්‍රාහිව අවසන් කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට බාර වී තිබේ.
දෙවැනි තරගයේ ජයග‍්‍රහණයෙන් පසුව නායක ඇන්ජලෝ මැතිව්ස් සහ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන දඟ පන්දු යවන්නන්ගේ දස්කම් පිළිබඳව දැඩි ප‍්‍රශංසාවෙන් යුතුව අදහස් පළකර තිබුණි. 
මෙම ටෙස්ට් තරගය වෙනුවෙන්ද දඟ පන්දු යවන්නන්ට වාසාදායක තණතීරැවක් නිර්මාණය වන බවට දැනගන්නට ලැබුණි.    
ආරම්භක පිතිකරැවන් වන දිමුත් කරැණාරත්න සහ කෞෂාල් සිල්වා අඛණ්ඩව අසාර්ථකව සිටීම පිළිබඳව දෙවැනි ටෙස්ට් තරගයට පෙරද කතාබහට ලක්ව තිබුණි. මෙම තරගයේදී දිමුත් කරැණාරත්නට අවස්ථාව අහිමිවන තත්ත්වයක් පසුගිය බ‍්‍රහස්පතින්දා වන විට නැවතත් උද්ගත වී තිබුණි. 
දිමුත්ට අවස්ථාව අහිමිවුවහොත් රොෂේන් සිල්වාට කණ්ඩායමේ ස්ථානය හිමි වනු ඇත.  
ආබාධයට ලක්ව සිටින වේග පන්දු යවන ක‍්‍රීඩක නුවන් ප‍්‍රදීප්ගේ ස්ථානයට සුරංග ලක්මාල් කැඳවා සිටි අතර ඒ අනුව දෙවැනි තරගයේදී ටෙස්ට් වරම් ලැබූ විශ්ව ප‍්‍රනාන්දු වෙනුවට සුරංග මෙම තරගයට ක‍්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00