2017 මාර්තු 25 වන සෙනසුරාදා

එක් දින තරගාවලිය ජයගන්න බංග්ලාෙද්ශය සටනට බසී

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 147

ශ්‍රී ලංකා පිල බංග්ලාදේශය හමුවේ ටෙස්ට් තරග පරාජයක් ලැබීම දරාගත නොහැකි සිදුවීමක් යැයි කවුරුන් හෝ සිතනවා නම් ඔහු හෝ ඇය පියවි සිහියට පැමිණිය යුතුය. ක‍්‍රීඩකයන් ලබාගන්නා ජයග‍්‍රහණ මාර්කට් කර නම හදාගැනීමට උත්සාහ කරන ක‍්‍රිකට් ලොක්කන්ට නම් මෙම පරාජය හිස උඩට වහළ කඩා වැටුණා වැනිසේ වූවාට සැක නැත.

බංග්ලාදේශ පිල පසුගිය වසර කීපයේම ලෝක ක‍්‍රිකට් පිටියේ ප‍්‍රධාන කණ්ඩායම්වලට අභියෝගයක් කළ කණ්ඩායමකි. බංග්ලාදේශ පිල ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර එංගලන්තයට එරෙහිව ටෙස්ට් ජයග‍්‍රහණයක් ලැබූ බව අමතක නොකළ යුතුය.  ඉන්දියාවේදී පසුගිය වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදීද බංග්ලාදේශ පිල ඉන්දියාව පරාජය කිරීමට ආසන්නට පැමිණියද අනවශ්‍ය කලබලය හේතුවෙන් ඒ අවස්ථාව මග හැරුණි.

බංග්ලාදේශ පිලේ නායක මුෂ්ෆිකුර් රහීම් මෙම තරගාවලිය ආරම්භ වීමට පෙර පැවසුවේ තම කණ්ඩායම ටෙස්ට් තරගයක් ජය ලැබීමේ බලාපොරොත්තුවෙන් සිටින බවයි. එම ප‍්‍රකාශය මේ වනවිට යථාර්ථයක් බවට පත්ව තිබේ. බංග්ලාදේශයට 100 වැනි ටෙස්ට් තරගයේදී ජයග‍්‍රහණය කරා යෑමට ශ්‍රී ලංකා පිල වෙතින්ම මඟ විවර වූ බව අමුතුවෙන්ම කිවයුතු නැත. ශකීබ් අල් හසන් ලකුණු 11 ක් ලබා සිටියදී උපුල් තරංග උඩපන්දුව රැකගත්තේ නම් තරගයේ ප‍්‍රතිඵලය වෙනස් වීමට ඉඩ තිබුණි.
මෙහිදී වේගපන්දු යවන ළහිරු කුමාර ඉවත්කර ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවීමෙන් කණ්ඩායමේ සමබරතාව ගිලිහී ගිය බව බොහෝ දෙනකුගේ මතය විය. ධනංජය ඉනිම දෙකේදීම ඕවර 4 ක් පමණක් යවා තිබුණි. සුරංග ලක්මාල්, ශ්‍රී ලංකාව සතු එකම වේගපන්දු යවන්නා බවට පත්විය. තරගය පුරාවටම එවැනි සිද්ධීන් ආවර්ජනය කරන්නේ නම් සිද්ධීන් රුසක් දිගහැරිය හැක. කෙසේ වෙතත් මෙය ක‍්‍රිකට් ක‍්‍රීඩාව බව අමතක නොකළ යුතුය. 
බංග්ලාදේශ පිලේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා පිලේ හිටපු ආරම්භක පිතිකරුවකු වන චන්දික හතුරුසිංහ, පිතිකරැවන්ගේ පුහුණුකරු ලෙස හිටපු මැදපෙළ පිතිකරැ තිලාන් සමරවීර සහ අභ්‍යාසක ලෙස මාරියෝ වෙල්ලවරායන් යන මහත්වරු කටයුතු කරති. චන්දික හතුරුසිංහ මහතා බංග්ලාදේශ පිලේ පුහුණුකරු ධූරය බාර ගැනීමෙන් පසුව එම කණ්ඩායමේ කැපී පෙනෙන වර්ධනයක් ඇති වූ බව බොහෝදෙනා පිළිගන්නා කරුණකි. මෙම වර්ධන හේතුවෙන්ම හතුරැසිංහ මහතාට බංග්ලාදේශ ජාතික තේරීම් කමිටුවේ ද ස්ථානයක් හිමිවිය. 

බංග්ලාදේශය හමුවේ පළමු ටෙස්ට් පරාජය ලැබූ ශ්‍රී ලංකා පිල මාසිකව මිලියන ගණනක් ගෙවමින් විදේශ පුහුණුකරුවන් තිදෙනකුගේ සේවය ලබාගෙන තිබේ. වර්තමාන ක‍්‍රිකට් පාලකයන් විවිධ තනතුරුවලින් පුහුණුකරුවන් බඳවා ගැනීමට කටයුතු කළ බව අමතක නොකළ යුතුය. මෙම සංචාරය වෙනුවෙන්ම නව කළමනාකරුවකු ලෙස හිටපු පිතිකරු අසංක ගුරුසිංහ මහතා ද බඳවා ගත්තේය. 
බංග්ලාදේශ පිලට එරෙහිව එක්දින තරගාවලිය ඊයේ (25) දඹුල්ල ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබුණි. එහිදී ද ශ්‍රී ලංකා පිල මෙහෙයවීමේ වගකීම උපුල් තරංගට පැවරුණි. නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් තවමත් සම්පූර්ණ සුවය ලබා නොමැති අතර ඔහුට බොහෝ විට බංග්ලාදේශ තරග සංචාරය අහිමිවීමට ඉඩ ඇති බව වාර්තා වේ. 
ප‍්‍රවේගකාරී ආරම්භක පිතිකරු කුසල් පෙරේරා සහ තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා මෙම සංචිතයට කැඳවීමේ තීරණය අනාගත ආයෝජනයක් බවට පත්විය හැකිය. මෂ්රෆි ෙමාටාසාෙග් නායකත්වෙයන් යුත් බංග්ලාදේශ පිලෙන් එක්දින තරගාවලියේදීද ශ්‍රී ලංකාවට හොඳ අභියෝගයක් එල්ල වනවාට සැක නැත. 

 යොහාන් භාසුර