2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

මුරලිදරන්ගේ යශෝරාවය ජූනි 08දා එංගලන්තයේදී

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 142

ලෝක ක‍්‍රිකට් වංශ කතාවේ ‘විශිෂ්ටයන්ගේ ලැයිස්තුව’ට එක්වූ පළමු ශ්‍රී ලාංකිකයා වන හිටපු පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට එහි සමරු තිළිණය පිරිනැමීම ලබන ජූනි මස එංගලන්තයේදී පැවැත්වෙන ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියේදී සිදුකිරීමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර  ඕවල් කී‍්‍රඩාංගණයේදී ජූනි මස 8 වැනිදා පැවැත්වෙන තරග අතරතුරදී අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නිලධාරීන් මුරලිදරන්ට සමරු තිළිණය පිරිනැමීමට නියමිතය.

ලෝක ක‍්‍රිකට් පිටියේ වැඩිම කඩුලුලාභියා වන මුත්තයියා මුරලිදරන් පසුගිය වසරේ ජූලි මස 27 වැනිදා ක‍්‍රිකට් විශිෂ්ටයන් අතරට එකතු විය. 

මුත්තයියා මුරලිදරන් ටෙස්ට් තරග 133 කදී කඩුලු 800ක්ද, එක්දින තරග 350කදී කඩුලු 534ක්ද, විස්සයි20 තරග 12කදී කඩුලු 13ක්ද, දවාගෙන තිබේ.