ලොව පුරා 2000කට අධික කණ්ඩායම් සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ලොව ජනප්‍රියතම ආධුනික ක්‍රිකට් තරගාවලියක් වන ලාස්ට් මෑන් ස්ටෑන්ඩ්ස් ශ්‍රී ලංකා තරගාවලිය අද (21) ආරම්භ වෙයි. මෙහිදී එක් පිලකට ක්‍රීඩකයන් 8 දෙනකු ඇතුළත් වන අතර පන්දුවාර 20 තරගයක් පැය 2කට සීමාවෙයි.
ශ්‍රී ලංකා තරගාවලියේ ජයග්‍රාහකයන් මේ වසරේ දෙසැම්බර් මස දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හිදී පැවැත්වෙන ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබන අතර ඒ සඳහා වන සියලු වියදම් ලාස්ට් මෑන් ස්ටෑන්ඩ්ස් ශ්‍රී ලංකා වෙතින් දරණු ඇත.
සුදුසුකම් ලබන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් හට ලොව ජනප්‍රියතම ආධුනික 20-20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව හිමිවනවා සේම ජාත්‍යන්තර වර්ගීකරණය සහ රු. 45,000/- ක් වන මුදල් ත්‍යාග, සම්මාන සහතික පත් ඇතුළු තවත් බොහෝ ත්‍යාග හිමිවේ.