2017 වසරේ ශ්‍රී ලංකා රග්බි සුපර් 7 තරගාවලිය, තියුණු ආරම්භයකින් පටන් ගෙන විශිෂ්ට අන්දමින් නිමාකර, ජයග‍්‍රාහී චැම්පියන්ස් කුසලානය අඛණ්ඩව දෙවැනි වරටත් සියතට ගැනීමට මොබිටෙල් ඊගල්ස් සමත් විය.
රේස් කෝස් ජාත්‍යන්තර රග්බි ක‍්‍රීඩාංගණයේදී පසුගිය 15 සහ 16 දිනවල පැවති මෙම තරගාවලියේදී මොබිටෙල් ඊගල්ස් විසින් 2016 වසරේදී ඔවුන් දිනාගත් චැම්පයන්ස් කුසලානය නැවත වරක් සුරුකිව දිනා ගැනීම වෙනුවෙන් මොබිටෙල් විසින් දැවැන්ත ශක්තියක් සහ සහායක් ලබා දුනි. දෙවැනි සාර්ථක අවසන් මහා තරගයේදී මොබිටෙල් ඊගල්ස් විසින් සිය අවස්ථාව නිසි පරිදි ලබා ගනිමින් සමස්ත රග්බි සුපර් 7 තරගාවලියේම ජය හිමිකර ගැනීමට සමත් විය. ප‍්‍රතිවිරුද්ධ කණ්ඩායම් විසින් එල්ල කරන ලද අභියෝග සියල්ල ආරක්‍ෂා සහිතව ජයගනිමින් සිය බලය, කඩිසරකම සහ උපායශීලී හැකියාවන් මැනවින් පෙන්වූ මොබිටෙල් ඊගල්ස් කණ්ඩායම, 2016 වසරේදී ඔවුන් විසින් දක්වන ලද දස්කම් නැවත සිහිගන්වමින් 2017 වසරේ ජයග‍්‍රහණයද ඉතා සුවිශේෂී අයුරින් හිමිකර ගන්නා ලදී. ජූලි 8, 9 දිනවල මහනුවර නිත්තවෙල ක‍්‍රීඩාංගණයේදී පැවති පළමු කාණ්ඩයේ තරග සියල්ල ද මොබිටෙල් ඊගල්ස් ජය ගත්තේය. එහිදී ඔවුන් විසින් ප‍්‍රසාද ලකුණු 30ක් හිමිකරගත් අතර එම ප‍්‍රසාද ලකුණු ද සමගින් අවසන් තරග බිමට පිවිස සමස්ත ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් ප‍්‍රසාද ලකුණු 55ක් හිමිකර ගෙන සමස්ත ශූරතාව දිනා ගත්තේය.
රග්බි සුපර් 7 චැම්පියන්ස් කුසලාන දිනූ මොබිටෙල් ඊගල්ස් කණ්ඩායමද රොෂාන් වීරරත්න (නායක), අනුරාධ විල්වාර, ලී කේගල්, තිළිණ විජේසිංහ, වජීඞ් ෆව්මි, මොහොමඞ් අබ්සල්, ප‍්‍රමෝද් පත්මසංඛ, ෂාරෝ ප‍්‍රනාන්දු, ප‍්‍රසන්න ජයතුංග, මුෂින් ෆලීල්, චමෝද් ප‍්‍රනාන්දු, චතුර සෙනෙවිරත්න සහ ජාත්‍යන්තර තලයේ ක‍්‍රීඩකයින් වන මාටින් ලොසෙෆෝ, ජොෂොවා නායා කාවොයූ, ජෝන් නසාලෝ මරාවා සහ ජොෂොවා ග‍්‍රීන් බිලෝ යන ක‍්‍රීඩකයින්ගෙන් සමන්විත විය.