ආසියානු පාපන්දු සංගමයේ මුදල් නොලැබීමෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ දුක්ගන්නාරාළ තනතුරට ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා යොදාගෙන ඇති බව වාර්තා වේ.
මැලේසියාවේදී ලබන 12 වැනිදා පැවැත්වෙන ආසියානු පාපන්දු සම්මේලන රැස්වීමට ක‍්‍රීඩා අමාත්‍යවරයා සහභාගි වීමට නියමිතව සිටින්නේ ඒ අනුව බව වාර්තා වේ. එහිදී ක‍්‍රීඩා අමාත්‍යවරයා පාපන්දු සම්මේලනය වෙනුවෙන් කරුණු දැක්වීමට සූදාමින් සිටින බව වාර්තා වේ.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ගනුදෙනු පිළිබඳව විශ්වාසයක් නොමැති වීම හේතුවෙන් මෙම වසරේ අවසන් කාර්තුවට ලබා දෙන මුදල් අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
ආසියානු පාපන්දු සංගමය වසරකට රුපියල් ලක්‍ෂ 250ක පමණ මුදලක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ලබාදෙන අතර ඉන් තවත් ලක්‍ෂ 100කට ආසන්න මුදලක් අත්හිටුවා ඇති බව වාර්තා වේ.
මුදල් නොමැති වීමෙන් පාපන්දු සම්මේලනයේ බොහෝ කටයුතු අඩාලවී ඇති බවත් පාපන්දු සංචිතයක කෑම වියදම එහි හිටපු නමගිය සභාපතිවරයකු පෞද්ගලික මුදලින් දරන බවත් වාර්තා වේ. එය මසකට රුපියල් ලක්‍ෂයකට ආසන්න වන බවද දැනගන්නට තිබේ.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මූල්‍ය අංශයේ සේවය කළ පුද්ගලයකු රුපියල් ලක්‍ෂ 300 කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක් ද පසුගියදා වාර්තා විය.
I වරකාගොඩ ගමගේ