ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට වසර දෙකක පමණ කාලයක් තුළ දෙවැනිවරටත් අන්තර්ජාතික තහනමක් පැනවීමට ලෝක බැඩ්මින්ටන් සම්මේලනය පසුගිය සතියේ පියවර ගෙන තිබුණි. මෙම තහනමත් සමඟ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිවලට සහ සමුළුවලට සහභාගි වීමේ අවස්ථාව අහිමිවෙයි.
වර්තමාන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පරිපාලනයට ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් එල්ලවන බලපෑම් මෙම තහනමට මූලික හේතුව බවට පත්ව තිබේ. ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් වර්තමානයේ බැඩ්මින්ටන් පරිපාලනය කරනු ලබයි. මෙම වසරේ අප්‍රේල් මස පැවැති එම සංගමයේ නිලවරණය ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අවලංගු කර නිසි බලධාරියකු අප්‍රේල් මස 20 වැනිදා පත් කළේය.
එම පත් කිරීමෙන් පසුව අවස්ථා දෙකකදී බැඩ්මින්ටන් නිලවරණය පැවැත්වීමට සූදානම් වුවද ක‍්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන්ගේ අලස ක‍්‍රියාකලාපය හේතුවෙන් පැවැත්වීමට නොහැකි විය. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය නියමිත ක‍්‍රියා පටිපාටියට පත්වන තුරු මෙම තහනම බලපැවැත්වනු ඇත.
යොහාන්