2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

“එඩෙක්ස්” ක්‍රීඩා උළෙලට ලංකාවෙන් රහීම් සහ බුද්ධික

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 57

කොළඹ අසරණ සරණ සමිතිය සංවිධානය කළ ජායිපූර් කෘත‍්‍රිම අංගෝපාංග පළඳින්නන්ගේ ‘එඩෙක්ස්’ ක‍්‍රීඩා උළෙලේදී (2017) දස්කම් දැක්වූ එන්.ආර්. රහීම් සහ බුද්ධික ලියනගේ ඩුබායිහිදී ලබන මස 10 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වෙන තුන්වැනි ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා සිටිති. 

කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ ශිෂ්‍යයකු වන දකුණ කකුල ආබාධිත එන්.ආර්. රහීම් මෙම තරගාවලියට පිහිනුම් ක‍්‍රීඩාව නියෝජනය කරමින් සහභාගි වන පළමු ක‍්‍රීඩකයා බවට පත්වේ. මැල්සිරිපුර පදිංචි අතක් ආබාධිත බුද්ධික ලියනගේ මෙහිදී මීටර 100 සහ දුර පැනීම යන ඉසව්වලට සහභාගි වෙයි.

ජායිපූර් කෘත‍්‍රිම අංගෝපාංග පළඳින්නන් 450ක පමණ සහභාගිත්වයෙන් මෙවර ‘එඩෙක්ස්’ ක‍්‍රීඩා උළෙල පසුගියදා කොළඹදී පැවැත්විණි.

එම ක‍්‍රීඩකයන් දෙපළට තරගාවලියට සහභාගි වීම සඳහා කොළඹ අසරණ සරණ සමිතියේ පාලක මණ්ඩලයේ නිහාල් අබේසේකර, මහාචාර්ය ඒ.එච්. ෂෙරිෆ්ඩීන් යන මහත්වරු, හෙදර් ද ලැනරෝල් මහත්මිය, ඩිල්මා තේ ව්‍යාපාරයට අනුබද්ධ එම්.ජේ.එෆ්. පුණ්‍යාධාර පදනම සහ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල් ආදි ශිෂ්‍ය සංගමය අනුග‍්‍රහ දක්වයි.
මෙම තරගාවලිය වයස 20 න් පහළ තරගාවලියක් වන අතර ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ක‍්‍රීඩකයන් පස්දෙනකු සහ ක‍්‍රීඩිකාවන් තිදෙනකු සමඟ අටදෙනකු සහභාගි වීමට නියමිතය.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00