2018 මාර්තු 17 වන සෙනසුරාදා

ඇමැති ආරක්ෂක පොලිස් කරාටේ උපදේශක ජගත් විනිසුරු තනතුරකට

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 104

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ අමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ කරාටේ උපදේශක පොලිස් පරීක්ෂක එම්.ජී. සුසන්ත රූපසිංහ මහතා ආසියානු හා ලෝක කරාටේ විනිසුරු තත්ත්වය ලබාගත් ප්‍රථම පොලිස් නිලධාරියා ලෙස ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවටත් රටටත් කීර්තියක් ගෙන දී තිබේ.

2018-02-11 වන දින සිට 2018-02-19 වන දින දක්වා ඩුබායිහි පැවති ලෝක තරගාවලියට සමගාමීව පැවති ලෝක කරාටේ විනිසුරු විභාගය සමත් වූ සුසන්ත රූපසිංහ මහතා ලෝක කරාටේ විනිසුරු තත්ත්වය හිමිකර ගෙන ඇත.
ඒ ශ්‍රේණියේ ආසියානු කරාටේ විනිසුරු වරයකුද වන ඔහු ශ්‍රී ලංකා ජාතික කරාටේ විනිසුරු කොමිසමේ උප සභාපතිවරයා ද ශ්‍රී ලංකා ජාතික කරාටේ විනිසුරු කොමිසමේ හිටපු සභාපතිවරයාද වෙයි.

කරාටේ කළුපටි 7 වන ශ්‍රේණිධාරියකු වන සුසන්ත රූපසිංහ මහතා ශ්‍රී ලංකා පොලිසියේ හිටපු කරාටේ පුහුණුකරුය. 
ලෝක කරාටේ සම්මේලනයෙන් විනිසුරු තනතුර හිමිකරගත් සුසන්ත රූපසිංහ මහතා තමාට හිමිවූ ජාත්‍යන්තර විනිසුරු සහතිකය සමඟ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හමුවූ අවස්ථාවේ ක්‍රීඩා අමාත්‍යවරයා රූපසිංහ මහතාට උණුසුම් සුභ පැතුම් පිරිනැමූ අවස්ථාව.

♦ ජේ.ඒ.එල්. ජයසිංහ

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00