2018 අප්‍රේල් 13 වන සිකුරාදා

පාපන්දු සම්මේලනයේ උසස් නිලධාරියෙක් ඇතුළට යන්න ළඟයි

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 66

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ රුපියල් මිලියන 20 කට අධික මුදලක් අස්ථානගතවීමේ දැවැන්ත මූල්‍ය වංචාව පිළිබඳව ක‍්‍රියාත්මක පරීක්‍ෂණයකට අදාළ පාපන්දු සම්මේලනය හිටපු උසස් නිලධාරියකුගෙන් ප‍්‍රශ්න කිරීමට සූදානම් වන බව වාර්තා වේ. අදාළ නිලධාරියාගෙන් ප‍්‍රශ්න කිරීමෙන් පසුව ඇතැම් විට අත්අඩංගුවට පත්වීමටද ඉඩ ඇති බව වාර්තා වේ.  

පාපන්දු සම්මේලනයේ මූල්‍ය අංශයේ හිටපු සේවකයකුට මෙම දැවැන්ත දූෂිත චෝදනාව එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ක‍්‍රියාත්මක කර තිබෙන බව වාර්තා වේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාලාභී සේවකයාගෙන් ප‍්‍රශ්න කිරීමේදී අදාළ උසස් නිලධාරියා දැනුවත්ව අදාළ දූෂිත ගනුදෙනු සිදුවූ බවට පවසා ඇතැයි වාර්තා වේ.

අදාළ නිලධාරියා මෙම මූල්‍ය චෝදනාවට කොටුකිරීම පිටුපස පාපන්දු සම්මේලනයේ බලය පිළිබඳ පැරණි කෝන්තරයක් ඇති බව පාපන්දු ක්ෂේත‍්‍රයේ කථාබහට ලක්ව තිබේ. 

I සටහන: විශේෂ ලියුම්කරුවකු විසිනි