පාපන්දු ලෝකයේ මහා මංගල්‍යය ලෙසින් හැඳින්වෙන ‘පාපන්දු ලෝක කුසලාන තරගාවලිය’ ඉකුත් දා (14) ආරම්භ විය. සත්කාරක රුසියානු කණ්ඩායම සහ සෞදි අරාබියානු කණ්ඩායම අතර පළමු තරගය පැවැත්විණි. ලෝ පුරා පැවැත්වෙන විවිධ තරගාවලිවලට සහභාගී වන ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයෝ අන්තර්ජාතික පාපන්දු සම්මේලනය සංවිධානය කරන ‘ජාත්‍යන්තර පාපන්දු ලෝක කුසලානය’ වෙනුවෙන් විශේෂයෙන් තම ජාතික කණ්ඩායම් හා එක්වෙති.
පාපන්දු ලෝක කුසලානයේ කණ්ඩායම් තරග පසුගිය 14 වැනිදා පැවැති පළමු තරගයෙන් ආරම්භ වූ අතර 16 දෙනාගේ වටයේ තරග ජූනි 30 වැනිදා ආරම්භ වීමට නියමිතය. සුදුසුකම් ලැබීමේ තරගවලින් අනතුරුව ලෝක කුසලානය සඳහා කණ්ඩායම් 32ක් සුදුසුකම් ලබා සිටිති. මෙම කණ්ඩායම් 32ක් කාණ්ඩ 8ක් යටතේ තරග වදී.
පසුගිය වසර ශූරතාව දිනූ ජර්මානු කණ්ඩායම, වැඩිම වරක් ශූරතාව දිනා තිබෙන පසුගිය වර අනුශූරයන් වූ බ‍්‍රසීල කණ්ඩායම, ලයනල් මෙසීගේ ආර්ජන්ටිනා කණ්ඩායම, ස්පාඤ්ඤ කණ්ඩායම, ක‍්‍ර්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ පෘතුගාල කණ්ඩායම මෙවර තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් යැයි බොහෝදෙනා අනාවැකි කියති.
ප‍්‍රංශය සහ ඉතාලිය බලාපොරොත්තු සහගත කණ්ඩායම් බවට පත්ව තිබේ. බ‍්‍රසීලයේ නේමාර්, උරුගුවේ කණ්ඩායමේ ලූවිස් සුවාරෙස්, ආර්ජන්ටිනා කණ්ඩායමේ ලයනල් මෙසී, පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, බෙල්ජියමේ රොමේලූ ලූකාකු, බ‍්‍රසීල කණ්ඩායමේ ගාබ්‍රියෙල් ජීසස්, එම කණ්ඩායමේම රොබටෝ ෆර්මිනෝ, ප‍්‍රංශ කණ්ඩායමේ කිලියන් ම්බාපේ, එම කණ්ඩායමේම තවත් ක්‍රීඩකයකු වන් ඇන්ටෝන් ග්‍රිස්මාන්, එංගලන්ත කණ්ඩායමේ හෙන්රි කේන්, ප‍්‍රංශ කණ්ඩායමේ රෆායල් වරනේ, ජර්මානු කණ්ඩායමේ ටෝනි ක_ස් සහ තෝමස් මුලර් මෙවර තරගාවලියේ වැඩි අවධානයක් දිනාගත් ක්‍රීඩකයෝ බවට පත්ව සිටිති. මෙවර තරගාවලියේ ජයග‍්‍රාහී කණ්ඩායමට කැරට් 18 රත්තරංවලින් නිමවූ ‘ලෝක කුසලානය’ සහ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 38ක (ආසන්න වශයෙන් රුපියල් කෝටි 607කට) ආසන්න ත්‍යාග මුදලක් හිමි වේ. මෙවර තරගාවලිය වෙනුවෙන් වෙන්කර තිබෙන සම්පූර්ණ ත්‍යාග මුදල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 791කි. ඉන් ඩොලර් මිලියන 400ක් සහභාගී වූ කණ්ඩායම් තරගාවලිය අවසන් කරන ස්ථාන අනුව බෙදී යයි. තරගාවලියේ ශූරතාව හිමි කරගන්නා කණ්ඩායමට හිමිවන ත්‍යාග මුදල පසුගිය අවස්ථාවේදී හිමි වූ ත්‍යාග මුදලට වඩා ඩොලර් මිලියන 3ක ඉහළ යෑමකි. අනුශූරතාව හිමි කරගන්නා කණ්ඩායමට එක්සත් ජනපද ඩොලර් මිලියන 29ක ත්‍යාග මුදලක් ද තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගන්නා කණ්ඩායමට ඩොලර් මිලියන 24ක ත්‍යාග මුදලක් ද හිමි වේ. බ‍්‍රසීලයේ අවසන් වරට පැවැති පාපන්දු ලෝක කුසලානයේදී බෙදාදුන් සම්පූර්ණ ත්‍යාග මුදල එක්සත් ජනපද ඩොලර් මිලියන 576ක් වන අතර ඒ අනුව මෙවර එය ඩොලර් මිලියන 215කින් වැඩි වී තිබේ.
♦ හර්ෂණ තුෂාර සිල්වා (විදෙස් වාර්තා ඇසුරිනි)