2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

ක්‍රිකට් පිලේ ළඟදීම ලොකු වෙනසක්

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 145

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම දැන් පැවැත්වෙන දකුණු අප‍්‍රිකානු තරග සංචාරයේදී ලැබූ දැඩි පසුබෑම හේතුවෙන් කළකිරී සිටින්නේ යැයි කියන ක‍්‍රීඩකයකු සංචාරය අවසානයේ ඔහු දරන්නේ යැයි කියන තනතුරෙන් ඉවත්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි වාර්තා වේ. දකුණු අප‍්‍රිකානු සංචාරය වෙනුවෙන් ඔහුට ලැබුණු සංචිත පිළිබඳව අදාළ ක‍්‍රීඩකයා නොසතුටෙන් පසුවන බව ද ක්ෂේත‍්‍රයේ කථාබහට ලක්ව තිබේ. මෙම තත්ත්වය හමුවේ අදාල ක‍්‍රීඩකයා සහ තේරීම් කමිටුව අතරද ගැටුමක් නිර්මාණය වී තිබූ බව දැනගන්නට තිබේ.  

තරග පරාජය පිළිබඳව අඛණ්ඩව එල්ල වන චෝදනා හේතුවෙන් අදාළ ක‍්‍රීඩකයා දැඩි මානසික කඩාවැටීමකට ලක්ව සිටින බවත් ආබාධයන්ට වඩා මානසික කඩාවැටීම ඔහුට බලපා ඇති බව වාර්තා වේ. නිත්‍ය උපනායක දිනේෂ් චන්දිමාල් සංචිතයේ සිටියදී එක්දින තරගාවලියට තාවකාලික නායකයා ලෙස උපුල් තරංග පත්කිරීම පිළිබඳවද සමහර ක්‍රීඩකයන් තුළ කිසියම් නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ. 

ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන විස්සයි20 තරගාවලියට තමන් ඇතුළත් නොකළහොත් අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට සුපිරි වේගපන්දු යවන්නෙක් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම්දී ඇතැයිද ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. විස්සයි20 පිලේ නායකත්වය තමන්ට ලැබිය යුතු බවද එම ක‍්‍රීඩකයා දැනුම්දී ඇති බව වාර්තා වේ. 

මෙම තත්ත්වය හමුවේ දැන් පැවැත්වෙන දකුණු අප‍්‍රිකානු සංචාරය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනයට වැඩි වැඩියෙන් මාධ්‍ය නිවේදන නිකුත් කිරීමට සහ මාධ්‍ය හමු පැවැත්වීමට සිදුවන පරිසරයක් නිර්මාණය වී තිබුණි.  

♦ සටහන: යොහාන් භාසුර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00