2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

දාම් ශූරතා දෙවැනියා කාසියේ වාසියෙන්

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 62

කොළඹ කොටුව තරුණ ක්‍රිස්තියානි සංගමයේ 2016 වාර්ෂික තරගාවලියේදී සමස්ත ලංකා දාම් ශූරතා තරගාවලියේදී තරගකරුවන් 38 දෙනකු අතරින් දෙවැනි ස්ථානය වෙනුවෙන් තරගය ෂෙල්ටන් ඇන්තනී හා ක්‍රිෂාන්ත කුමාරගේ අතර පැවැත්විණි.

එහිදී තරග වට තුනකින් යුත් සමස්ත තරගයේදී ක්‍රීඩකයන් දෙපළම තරග 1-1 බැගින් ජයගත් අතර එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් විය. ඒ අනුව ජයග්‍රාහකයන් තේරීම කාසියේ වාසිය මත සිදුකිරීමට විනිසුරුවන්ට සිදුවූ අතර එහිදී ක්‍රිෂාන්ත කුමාරගේට කාසියේ වාසිය පරාජය වීම හේතුවෙන් තරගයේ දෙවැනි ස්ථානය අහිමි විය.