ඕස්ට්‍රේලියාවට එරෙහිව මේ මස මස මැදදී පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ලසිත් මාලිංග ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබුණි.
ආබාධයකට ලක්ව සිටි මාලිංග වසරකට අධික කාලයකට පසුව නැවතත් සංචිතයට පැමිණ සිටියි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී පසුගිය බ‍්‍රහස්පතින්දා පැවැති මාධ්‍ය හමුවෙදී මාලිංග පැවසුවේ විස්සයි20 පිලේ නායකත්වය නැවත බාර ගැනීමටද තමන් මැලි නොවන බවයි.
කෙසේ වෙතත් දකුණු අප‍්‍රිකානු සංචාරයට සහභාගි වූ දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා සහ සුරංග ලක්මාල් ඉවත් කිරීමට තේරීම් කමිටුව පියවර ගැනීමෙන් ශ්‍රී ලංකා පිල කබලෙන් ලිපට වැටෙනවාට සැක නැත.
දකුණු අප‍්‍රිකාවට එරෙහිව පැවැති එක්දින ක‍්‍රිකට් තරගාවලියේ තාවකාලික නායකයා ලෙස කටයුතු කළ උපුල් තරංග, ඕස්ටේ‍්‍රලියානු පිලට එරෙහිව විස්සයි20 තරග තුනට නායකයා ලෙස පත්කිරීමට ද පියවර ගෙන තිබුණි.
නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්ව සිටීමෙන් ඔහුට සති පහක පමණ කාලයක් විවේක ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබී තිබේ.
උපුල් තරංග සහ දිනේෂ් චන්දිමාල් අතර ‘ක්ලාස්’ එක හඳුනා ගැනීමට සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුවට හැකියාවක් නොමැති ද එසේ නැත්නම් ක‍්‍රිකට් ලොක්කන්ගේ ක‍්‍රීඩා සමාජවල තෝරාගත් ක‍්‍රීඩකයන්ට අවස්ථාවක් ලබාදීම ද යන්න මෙහිදී පැන නඟින ගැටලුව බවට පත්ව තිබේ.
සුරංග ලක්මාල් යනු දකුණු අප‍්‍රිකානු සංචාරයේදී යාන්තම් හෝ සාර්ථක වූ වේග පන්දු යවන්නන් දෙදෙනාගෙන් කෙනෙකි. එය එසේ තිබියදී ලක්මාල් නොසළකා හැරීම පිළිබඳව තේරීම් කමිටුව කරුණු දැක්විය යුතුය.
සුරංග ලක්මාල් පන්නා ඕස්ට්‍රේලියාවට එරෙහිව සංචිතයේ විකුම් සංජය රඳවා ගැනීම සැබවින්ම විහිළුවකි.
ඕස්ට්‍රේලියානු සංචාරයට තුන් ඉරියව් ක‍්‍රීඩකයන් වන දසුන් ශානක සහ මිලින්ද සිරිවර්ධන නැවතත් කැඳවා තිබේ. ප‍්‍රවේගකාරී පිතිකරුන් ලෙස සැළකෙන ඩිල්ෂාන් මුණවීර සහ චාමර කපුගෙදර විස්සයි20 සංචිතයට කැඳවා සිටිති. ඩිල්ෂාන් මුණවීර අවසන් වරට 2013 වසරේ මාර්තු මස අන්තර්ජාතික විස්සයි20 තරගයකට සහභාගි වූ අතර ඔහු නැවතත් ශ්‍රී ලංකා සංචිතයට පැමිණීමට කළ වික‍්‍රමයක් නම් දැනගන්නට නැත.
ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය:
උපුල් තරංග (නායක), නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න, ඩිල්ෂාන් මුණවීර, කුසල් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, සචිත් පතිරණ, චාමර කපුගෙදර, සීකුගේ ප‍්‍රසන්න, නුවන් කුලසේකර, ඉසුරු උදාන, දසුන් ශානක, ලක්‍ෂාන් සඳකැන්, ලසිත් මාලිංග සහ විකුම් සංජය
l සටහන: වරකාගොඩ ගමගේ