පසුගිය සතියේ එක්තරා ධනවත් විදේශ රටක බලවත් මැතිසබා දූත පිරිසක් ලංකාවට පැමිණියා... උන්නැහේලගෙ රට අපිට හුඟක් උදව් පදව් දෙන රටක්. අපේ රටේ දහස් ගණනකට එහේ රස්සාවලුත් දීල තිබෙනවා... මේ රට මැදපෙරදිග රටක්... එයාලගෙ විශේෂ අරමුදලකින් අප රටට අවුරැදු පතා කෝටි ගණනක ආධාරත් දෙනව... ඉතින් මෙයාල ලංකාවට ඇවිත් මුලින්ම ගියේ රට රස්සාවල යෙදෙන අපේ අයගෙ ප්‍රශ්නවලට දෙන උදව් පදව් ගැන කතා කරන්න. ඒ විෂය භාර දේශපාලන ලොක්ක උන්නැහේල එනකොට හිටියෙ එයාගෙ අමාත්‍යංශ කන්තෝරුවෙ... එයා ටෙලිවිෂනයෙන් ක්‍රිකට් මැච් එකක් බල බලාලු හිටියෙ.
ඔන්න විදේශ දූත පිරිස ආව. එයාල අපේ දේශපාලුතුමා හොඳින් පිළිගත්ත... පිළිඅරන් තමන්ගෙ ආසනේ වාඩිවෙලා ආයෙමත් උණුසුම් මැච් එක බලන්න පටන් ගත්තලු. විදේශ දූත පිරිස තමන් සාකච්ඡාවට සූදානමින් මතුකරන්න හිතාගෙන ආපු ප්‍රශ්න දෙක තුනක් විෂය භාර ලොක්කට යොමුකළාට එයාට ඒකෙ ගාණක් නැහැ. සිහිය තිබුණෙ මැච් එකේ... විදේශ දූතයො අහපු ප්‍රශ්නවලට ලැබුණෙ යර්ස් නෝ කියන උත්තර දෙක විතරලු... ඒ නිසා ටික වෙලාවකින් සාකච්ඡාව ඉවර කරල මේ විදේශ දූතයො තමන්ගෙ ඊළඟ හමුව සඳහා රටේ හිටපු ලොකු තැන හම්බවුණා... උන්නැහේගෙ විජේරාම මැඳුරෙදි. දූත පිරිස උණුසුම්ව පිළිඅරන් සුහදව කතා කරල සාකච්ඡාව අවසන් කළා.
සාකච්ඡාව අවසානයේදි දූත පිරිස තමන් ඊට කලින් විෂය භාර ලොක්ක හමුවූ බවත් මැච් එක නිසා සාකච්ඡාවෙදි උන්නැහේගෙන් ලැබුණෙ යර්ස නෝ උත්තර පමණක් බවත් කීවෙ හිත නොහොඳින් වගෙයි... ඒ කතාවට කෑල්ලක් එකතු කරපු විදේශ දූත පිරිසෙ ප්‍රධානිය අන්තිමට මෙහෙම කිව්වලු. ඔබතුමාලගෙ රටේ වගකිවයුත්තො වැඩ කරන හැටි අද අපි දැක්කා... අපේ පැමිණීම උන්නැහේට වැදගත් වුණේ නැහැ වගේ. ඒකෙන් කමක් නැහැ. අපට කියන්න ඔබ කවදද නැවත රට භාරගන්නෙ. එතකොට අපි ආයෙත් එන්නම්... එහෙම කිව්ව විදේශ දූත පිරිසට උත්තර නොදුන් හිටපු ලොකු තැන මහ හඬින් හිනා වුණා...