2019 මාර්තු 23 වන සෙනසුරාදා

කළු සුදු කරන කෙනෙක්ලු!

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 431

අත පාටියෙන් දියවන්නා කවුන්සිලයට පත්වෙච්ච කෙනෙක් ජාතික ලැයිස්තු පොතේ ඉන්නවා. ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරුන් අතර තිලකයක් ලෙස වැජඹෙන මුන්නැහේ ආරක්ෂක අංශයේ ජරමරවලට මුහුණ දීලා ඉන්න ලොකු ලොක්කෝ ගැන ආණ්ඩුවේ ඉහළම කන්තෝරැවකට නොයෙක් වාර්තා සපයන්න පටන් අරගෙන. මේ දවස්වල වැඩියෙන් කතාවෙන එක්තරා ආරක්ෂක ප්‍රධානියෙක් බේරාගන්න තමයිලු මෙයා මේ දවස්වල වැඩියෙන්ම මහන්සි වෙන්නේ. විවිධ චෝදනා ලැබූ ආරක්ෂක කටයුතු ලොක්කා සම්බන්ධයෙන් පරම පවිත්‍ර නිර්මල වාර්තා හදලා රටේ ඉහළම තැන්වලට දීලා කියලයි කියැවෙන්නේ.

නමුත් මේ ජාතික ලැයිස්තු ලොක්කා රකින්න යන සමහර සහ වැරදි කරපු ලොක්කන්ගේ සැබෑ කතා පොලිසියත්, නීති අංශ ලොක්කොත් පහුගිය දවසක රටේ ලොකු මහත්තයාට පැහැදිලි කරලා දුන්නලු. එයින් පස්සේ මේ ජාතික ලැයිස්තු රිපෝටර්ට ටිකට් එක ඇදෙන්න යන බව තතු දත් ආරංචි මාර්ග කියනවා. හැබැයි තවම තමන්ට වෙන්න යන දේශපාලන වින්නැහිය ගැන කිසිම දෙයක් දන්නේ නැතුව දිගටම වැරදි සප්ලයි කරන බවත් ආරංචියි.

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00