ආණ්ඩුවේ ලොකුම පාලන මණ්ඩලයේ රැස්වීමට මොබයිල් ෆෝන් ගේන්න එපා කියලා රටේ ලොකු මහත්තයා නියෝගයක් කළාලු. දෙවැනි මහත්තයත් ඒක එකහෙළාම අනුමත කළා. ඒ තහනම් නියෝගය නිකුත් කරමින් ලොකු මහත්තයා කිව්වේ මේ ටැලිෆෝන් ගෙන ඒම නිසා පාලක මණ්ඩලේ රුස්වීම්වල සිද්ධ වෙන දේවල් ඉබේම පිටට යන්න වුණත් පුළුවන් කියලයි. හිටපු ජනපතිනි චන්ද්‍රිකා නෝනාගේ කාලෙත් මේ මණ්ඩලේ රිපෝටර්ලා ඉන්නවය කියලා චෝදනා නැගුන බවත් මතක් කළ බවයි ආරංචි.....
කොහොමහරි මේ නියෝගය හදිසියේම දාන්න තීන්දු කළේ මණ්ඩලේ වෙන වාද විවාද ඒ විදිහටම මාද්දියේ යන්න පටන්ගැනීම නිසාලු... ඉතින් පාලක මණ්ඩලේ රැස්වීමට එන තුන්දෙනෙක් නිතරම ටැලිෆෝන් එකේ ඉන්න එකත් ලොකු ප්‍රශ්නයක්ලු. මේ තුන්දෙනා මණ්ඩලේ වැදගත්ම තීරණ ගැන සාකච්ඡා කරන වෙලාවටත් ටෙලිෆෝන් එකේලු ඉන්නේ. එයින් එක්කෙනෙක් කොළඹ දිසාවේ අලි පාටියේ ලොකුම අලියෙක්ලු. ඊළඟ එක්කෙනා ගම්පහ දිසාවේ පරණම අලියෙක්ලු. ඊළඟ එක්කෙනා ඈත රජරටලු. මේ තුන් දෙනාගෙන් දෙන්නෙක් මහත්තුරැ.. එක්කෙනෙක් නෝනා කෙනෙක් කියලයි ආරංචි.