2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා

ගෙදරටම කොටුවෙලා

 2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 693

තමන්ගෙ නිවසින් එළියට බහින්න එපා කියලා ආරක්ෂක අංශවලින් උපදෙස් ලැබුණ ආණ්ඩුවෙ ඇමැති සයිස් ලොක්කෙක් ඉන්නවලු....

පසුගිය කාලෙ එයා කරපු කියාපු සමහර දේවල් නිසා එයා ගැන සමාජයේ පැතිරී ගිය අදහස් උදහස් නිසා රජයේ බුද්ධි අංශ එයාට මේ අනතුරු ඇඟවීම කරලා... ඊට අමතරව එයාගෙ පවුලෙ සමීපතම කිහිප දෙනෙක්ගෙන් පසුගියදා ඇතිවුණ ඛේදවාචකය ගැන ප්‍රශ්න කළා කියලත් ආරංචියි...

ඒ නිසා බොහෝම ධනවත් ඒ වගේම නොයෙක් ව්‍යාපාර මාධ්‍ය ජාලා හිමිකරුවකු වන මුන්නැහේ දැන් ගෙදරටම කොටුවෙලා ඉන්නවලු...

තමන්ට තිබෙන ප්‍රශ්නවලට විසඳුම රට හැරයාම කියලා එයාගෙ පවුලෙ අය එයාට යෝජනා කළ බවත් කියැවෙනවා.