ෆොනී උන්නැහේට ජාතික ආරස්සාව භාරදෙන්න කියල අලි පාටියෙ පසුපෙළ කස්ටිය ලොකු හඬක් නගනව... ඒත් ආණ්ඩුවෙම ලොකු පුටුවල ඉන්න අය ඒකට සතුටක් නැහැ වගේලු පේන්නෙ... ලොකුම විරෝධය ඇවිල්ල තියෙන්නෙ ඉහළම තැනකින් කියලයි ආරංචි...
ෆොනීගෙ නම යෝජනා කරපු අලි පාටියෙ ඉහළම උදවිය දෙතුන් දෙනෙක් එක්ක මේ ගැන විග්රහයක් කරපු රටේ ප්රබලම කෙනෙක් ෆොනීට තනතුර පැවරීමේ යෝජනාව ගැන කීවෙ මෙහෙමයි...
එයාට අපේ සිකියුරිටි ලොක්කො කවුරැවත් සතුටු නැහැ... අනික මේක කාලතුවක්කු බෝම්බවලින් කරන යුද්ධයක් නෙවේ. මොළෙන් කරන්න ඕන වැඩක්. මතකනේ ඔය කියන කෙනාට අපි වනජීවී අමාත්යංශය භාරදීල වෙච්ච හරිය... ඒක ජාතික ආරක්ෂාවටත් වෙන්න ඉඩ දෙන්න මට බැහැ.* ඉහළම තැනින් ප්රකාශ වුණා. ඒ නිසා කවුරැ අස්වුණත් කොහොම කීවත් ඕක නම් වෙන්නෙ නැහැ... ඉහළින් තීන්දු කළා.