වාහන ලයිසමට මෙඩිකල් බලන තැනක් තිබිලා තියෙනවා කොළඹට කිට්ටු ටවුමක. ඒක පාර අයිනට වෙන්න තිබ්බ නිසා ගොඩක් දෙනෙක්ට යන එන පහසුවත් තිබ්බලු. ඉතිං මෙතන සෙනඟ පිරිලලු නිතර.
එහෙම තියෙද්දි කවුරුවත් නොදැන මේ ආයතනය හදිසියෙම වෙනත් තැනකට ගෙනිහිල්ලා. එතන මහ දුෂ්කර තැනක්. එහෙම කන්තෝරුව එකපාරටම මාරු කළේ පළාතෙ දේශපාලන භවතෙකුගේ වුවමනාවටය කියලයි ජනතාව කියන්නෙ. මෙච්චර කල් ටවුමෙ තිබුණ කන්තෝරුව ගමක් ඇතුළේ පොට් එකකට ගෙනිච්චෙ යට කී දේශපාලන භවතගෙ තැනකට කියලා පළාතෙ ජනතාව කියනවා. කලින් කන්තෝරුවට ගෙව්ව මාසික කුලිය වගේ හතර ගුණයක් මේකට ගෙවනවලු. පළාතෙ ආඩම්බර මාන්නක්කාර දේශපාලන පොරක් කරපු මේ වැඩේ නිසා ගම් - පහ හයකට නෙවෙයි ගම් රැසකට සේවය සැලසූ ආයතනයෙන් සේවය ලබාගැනීම ලොකු දුෂ්කර ක්රියාවක් වෙලා කියලා ආරංචියි.