2019 ජුනි 01 වන සෙනසුරාදා

දුක සැප සොයන්න එනවලු

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 491

පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ මන්නාරමේ ඇමැතිතුමාට විරුද්ධව ගෙනාපු විස්වාසභංගය එන්න එන්න බරපතළ වේගෙනලු එන්නේ. මොකද මෙයාට විරුද්ධව සීනුවේ අයයි, උතුරේ අයයි දෙගොල්ලොම අවි අමෝරන්නලු ලෑස්තිය. ඒ අතර අලිපාටියේ පසුපෙළ කිහිප දෙනෙකුත් එයාට විරුද්ධ වෙන්න වගේ යන නිසා මෙයා දැන් ටික ටික දේශපාලන නෑගම් යන්නත් පසුපෙළ අයගෙ දුක සැප අහන්නත් පුරුදු වෙලාලු.

මේ දවස් ටිකේ මෙයාගේ කාර්යාලය පැත්තට ගියොත් ඔය පසුපෙළ හාදයෝ ටික නිතර එනවා යනවා බලන්න පුළුවන් කියලයි ආරංචිය. සමහර අය දවසට දෙතුන් වතාවක් එනවලු. ඒ විතරක් නෙමෙයි ඔය ඇමතිතුමත් ඒ අය බලන්න යනවා කියලයි ආරංචිය. සමහර දවසට රාත්‍රී භෝජන සංග්‍රහ තියෙනවලු. ඒ කටයුතු අතරතුර අලි පාටියේ පසුපෙළ දෙතුන් දෙනෙක් දාලා මාධ්‍ය හමුවක් පවත්වන්නත් සැලසුමක් තියෙන බව කියනවා. මේ දෙකේම පෙරමුණේ රාළල වෙලා ඉන්නෙ මිණිපුරෙයි ඌවෙයි පසුපෙළ කටකාර අලි දෙන්නෙක් කියල කියනවා...

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00