2017 මාර්තු 04 වන සෙනසුරාදා

පහත් තැනින් යයි ගලා ජලේ

 2017 මාර්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 199

 

බැඳුම්කරේ කතාව අල කරන්න ගිහිල්ලා දැන් ඒක මහ විශාල අවුලක් බවට පත්වෙලා කියනව... මේකට සම්බන්ධව ගහපු ගැසට් පත්තරේ නිසා තිබුණ අවුල දෙගුණ තෙගුණ වුණා කියලයි කියැවෙන්නෙ...

ඊටපස්සෙ මේ ගැන කරුණු පැහැදිලි කරන්න කාරණා අටකින් යුත් නිවේදනයක් සල්ලි භාර අමාත්‍යංසෙ මහ ලේකම් නමින් නිකුත් වුණා. ඒ නිවේදනේ කරල තියෙන්නෙ මේ ගැසට් එක වක්‍රව සාධාරණීකරණය කිරීමටලු.

ඉතින් මේක ආවට පස්සෙ ආණ්ඩුවෙ ලොකු ලොක්කො වගේම අමාත්‍යංසෙ ලොකු ලොක්කොත් හොයාගන්න නිවේදනේ නිකුත් වුණේ දේශපාලන අතකින් මිසක් ලේකම් උන්නැ‍හේගෙන් නොවේය කියලා... මේක කරපු දේශපාලන ලේකම්ගෙ නමත් හෙළිවෙලා...

දැන් ඒකට විරුද්ධව ඇතුලෙ සටනක් පටන් අරන්ලු. අමාත්‍යංසෙ ලේකම් නමින් නිවේදනේ දාපු ලේකම් ගැන ආණ්ඩුවෙ ලොකුම කන්තෝරුවට පැමිණිල්ලකුත් ඇවිල්ලා... අන්තිමට අර දේශපාලන ලේකම්ගෙ බෙල්ල යන්න පුළුවන් කියල ආරංචියක් යනවා.

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00