රටේ ලොකු මහත්තයගේ අනුග්‍රහයෙන් පුලතිසිපුරේ පැත්තේ පොසොන් පෝයට මහා බත් දන්සලක් පැවැත්වුණා. ජයට මහ ඉහළින් පැවැත්වෙන මේ දන්සලට පළාතේ මැති ඇමැතිගොල්ල නොඅඩුව සහභාගී වෙනවා.... ජනතා සහභාගීත්වයත් ඒ වගේමයි.
ඒත් මේ පාර පොසොන් පෝයට තිබුණ මේ මහා බත් දන්සලට වෙනදා රොද බඳින දේශපාලකයෝ හුඟදෙනෙක් ඇවිල්ලා නැතිලු.... ආපු දෙතුන්දෙනාවත් විශේෂයෙන් කියලලු ගෙන්න ගත්තේ.
ඒ කවුරු ආවත් නැතත් ලොකු මහත්තයා ජයටම මේ පිංකම කරලා තියෙනවා.
ඒත් වෙනදා මේ දන්සලට එන්න පොරකන දේශපාලන භවතුන් මේ පාර ආවෙ නැති එකයි පුදුමෙට කාරණාව. ඒ බව දැනුණු එතැනට ආපු පළාතේ මන්තිරි සයිස් මහත්තයෙක් කිව්වේ නැගෙන හිරුට වඳින්නත් බහින හිරුට පිටුපාන්නත් අපේ අය හුඟක් දක්ෂ බවයි...