මහ පුටු ඡන්දෙට අලි පාටියෙන් ගේන්න යන පොදු අපේක්ෂකයට හරි ජාතික අපේක්ෂකයට හරි සපෝට් එකට පරණ මැඩමුත් සීන් එකට එන්නලු යන්නෙ... එයා දැන් ඒ වැඩේට කස්ටිය සොයනවලු...
අත පාටියෙ එයාගෙ කාලෙ හිටපු කවදත් එයාට හිතවත් අයට කතා කරල මේ මල් වට්ටියට අත ගහන්න කියලලු මැඩම් කියන්නෙ. රජරට දුමී වාගේ අයටත් නිතර කතා කරන බවයි ආරංචි...
හැබැයි තවමත් එයාගෙ ඉල්ලීමට හුඟ දෙනෙක් ලොකු ප්‍රතිචාරයක් දක්වල නැතිලු... ඒකට හේතුව කලින් පොදු අපේක්ෂකයා ගේන්නත් එතුමිය මැදිහත් වුණු නිසා කියලයි සමහරැ කියන්නෙ. එතුමියලා ගෙනාපු අපේක්ෂකයා නිසා අන්තිමේදි වැඩේ අවුල් ජාලයක් වෙලා කියල මේ ගැන අවිශ්වාසයෙන් හේතු දක්වන අය කියන්න පටන් අරන්...
ඒත් කොහොමහරි වැඩේ අතඇරල නැති පරණ මැඩම් දත කාගෙන ගමන යන්නලු හදන්නෙ.
නමුත් එයාල ගේන්න හදන අපේක්ෂකයා කවුද කියන එක තවමත් රහසක් හැටියට තියාගෙන ඉන්න නිසා මල් වට්ටියට අත ගහන්න ටිකක් කැමති අයත් තවම ඈත ඉඳන් බලන් ඉන්න වග තතු දත් අය කියනව.